Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තවත් පාතාල නායකයෙක් අත්තඩංගුවට

|Tue,10 July 2018 10.34|Special| Page Views : 21

අලුත් පුවත්
ලක්ෂ 27ක රට සල්ලි කටුනායකදී අත්අඩංගුවට
රු.මිලියන 3ක හෙරොයින් අත්අඩංගුවට
රථ වාහන වැරදි දඩ 15 වැනිදා සිට ඉහළට
මැල්සිරිපුර බස් අනතුරකින් 60 ක් රෝහලේ
ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනුකර ඇත
නව අධීක්ෂණ මන්ත්‍රිවරු 4ක් වැඩ අරඹයි
ප්‍රියානීගේ ඝාතනයට සැමියා අත්අඩංගුවට
නිධන් වස්තු හෑරූ 5ක් පොලිස් දැලේ
 
පාතාල නායකයකු වන කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු හෙරොයින් සමඟ ගුණසිංහපුර පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද (09) රාත්‍රි 8.30ට පමණ විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනීමැරුම් පිළිබඳ චෝදනා රැසක් සම්බන්ධ සැකකරුවකු වන මොහු දැනට ඩුබායි හි සිටින කෙසෙල්වත්තේ දිනුක නම් පාතාල නායකයාගේ ප්‍රධාන ගෝලයෙකු බවත් දිනුකගේ මෙහෙයවීමෙන් මොහු ලංකාවේ යම් යම් ජාවාරම් සිදු කරන බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු 2015 වසරේදී අලුත්කඩේ මුස්ලිම් පල්ලියේදී තියුණු ආයුධ වලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කීරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද මංකොලකෑම් සහ කප්පම් ගැනීම් සම්බන්ධයෙන්ද වරදකරුවකු වී දඩුවම් ලැබූවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න