Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රියදුරෙකුට වසර හතක සිරදඩුවම්

|Tue,10 July 2018 13.42|Special| Page Views :

2010 වසරේ වයස අවුරුදු තුනහමාරක ගැහැණු දරුවෙකු අයුතු ලෙස ස්පර්ශ කිරීමෙ චෝදනාවට වරදකරු කෙරුණු 73 හැවිරිදි පාසල් වෑන් රථ රියදුරෙකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 07ක සිර දඬුවම් නියම කළා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 25,000 ක දඩයක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව එක් වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරන බවද සදහන් කළා.

ඊට අමතරව අතවරයට පත් දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසත් එම වන්දිය ගෙවීම පැහැර හරිනු ලැබූ අමතරව වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන බව ද නඩු තීන්දුවෙන් සඳහන් වුණ.

2010 වසරේ මරදාන ප්‍රදේශයේ දී පෙර පාසලක් සදහා වයස අවුරුදු තුනහමාරක ගැහැනු දරුවකු රැගෙන යන අතර වාරයේ එම දැරිය අයුතු ලෙස ස්පර්ශ කර දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් එම අවස්ථාවේ අවුරුදු 65 ක් වයසැති විත්තිකාර පාසල් වෑන් රථ රියදුරුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සිදු කළ විමර්ශනයකින් අනතුරුව නීතිපතිවරයා විසින් මෙම නඩුව පැවරු අතර දීර්ඝ නඩු විභාගයකින් පසුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සඳහන් කර සිටියේ විත්තිකරුට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

ඒ අනුව විත්තිකරුට දඬුවම් නියම කරන බවද විනිසුරුවරයා සඳහන් කළා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න