අවසන් තරගයට ප්රංශය සුදුසුකම් ලබයි
|Wed,11 July 2018 09.45|Special| Page Views :
29
|
|
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට ප්රංශයට සුදුසුකම් ලැබුවා.
ඒ ඊයේ පැවැති අවසන් පූර්ව තරගයේ දී බෙල්ජියම පරාජය කරමින්. තරගය පැවැත්වුණේ ශාන්ත පීටරස් බර්ග් හිදී. තරගයේ දෙවැනි භාගයේ 51 වැනි මිනිත්තුවේ දී ප්රංශ කණ්ඩායමේ සැමුවෙල් උම් ටිටි ජයග්රාහී ගෝලය වාර්තා කළා.
අවසන් ලෝක කුසලාන තරගාවලි හයේ දී ප්රංශය, අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලැබුවේ තුන්වැනි වරටයි. මීට පෙර 1998 දී ප්රංශය ලෝක කුසලානය දිනාගෙන තිබෙනවා. තරග ජයග්රහණයෙන් පසුව ප්රංශ ජනතාව ජය සමරනු දක්නට ලැබුවා.
|
|