Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලොරිය ප්‍රපාතයේ රියදුරා පනී

|Wed,11 July 2018 11.1|Special| Page Views :

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල, කිලෝමීටර් 18 සහ 19 කණු අතර ප්‍රදේශයේදී අද(11) අලුයම 4 ට පමණ ලොරි රථයක් අඩි 250ක් පමණ ප්‍රපාතයකට පෙරලි ඇති බව ඇල්ල පොලිසිය පවසනවා. පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ අනතුර සිදුවන අවස්ථාවේ රියදුරා ලොරියෙන් එලියට පැන දිවිබේරාගෙන ඇති බවයි. මහා ප්‍රපාතයට පෙරලුන ලොරියට දැඩි හානි සිදුව තිබෙනවා.

ලොරි රථය වැල්ලවාය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් එකක් වන අතර බණ්ඩාරවෙල ප්‍රදේශයට ගඩොල් ප්‍රවාහනය කර යළි ගඩොල් තොගයක් කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා බණ්ඩාරවෙල සිට වැල්ලවායට යමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිව තිබෙන්නේ. අනතුර සම්බන්ධයෙන් විමර්ශන බණ්ඩාරවෙල පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත ඇල්ල පොලිසිය මගින් සිදු කරනු ලබනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න