Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නිසි විසඳුමක් ලබාදීමට කටයුතු කළ යුතුය

|Wed,11 July 2018 11.33|Political| Page Views : 20

අලුත් පුවත්
විජයකලාගේ ප්‍රකාශය වරදකි
ඒකාබද්ධ විපක්ෂයේ නම වෙනස් වෙයි
ලොරිය ප්‍රපාතයේ රියදුරා පනී
යුද්ධ හමුදාපතිට සේවා දිගුවක්
ලෝක ජනගහන දිනය අදයි
පැ.කි.මී. 50-60 දක්වා තද සුළං
 
පරිවර්තනය කලේ(ලංකාවන් වෙබ් අඩවිය)

“රටේ ඇති ජාතිවාදී බහුතර පක්‍ෂ මුහුණු 03කින් කටයුතු නොකර, දෙමළ ජනතාව වෙනුවෙන් නිසි විසඳුමක් ලබාදීමට කටයුතු කළ යුතුය” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ‍.කෝඩීෂ්වරන් ප්‍රකාශ කර ඇත.

අම්පාරේ තිරුකෝවිල් කාන්ජිරම්කුඩා‍හි 2018.07.09 වන දින පශු සම්පත් ගොවීන් පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ වැඩසටහනට සහභාගි වී අදහස් දැක්වූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ පොදුජන පෙරමුණ යනාදී පක්‍ෂ ඒකාබද්ධ වී, දෙමළ ජනතාව මුලානොකර, නිසි විසඳුමක් ලබාදිය යුතුය.

මාරුවෙන් මාරුවට බලයට පත්වන රජය ජනතාව මුලාකරමින් සිටින බවට චෝදනා එල්ලකර ඇත” යනුවෙන් කේ.කෝඩිෂ්වරන් ප්‍රකාශ කර ඇත. මෙම වැඩසටහනට සහභාගි වී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි, “නැගෙනහිර පළාතේ දීර්ඝ කාලයක සිට පවතින තෘණ බිම් ගැටළුවට කඩිනමින් විසඳුමක් ලබාදෙන්නෙමු” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න