Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කතරගම පෙරහර හෙටින් ඇරැඹේ

|Thu,12 July 2018 14.05|Special| Page Views : 173

අලුත් පුවත්
දියතලාව ගුවන් හමුදා කඳවුරේ ගින්නක්
අමාත්‍යවරු කවුරුන්ද යන්න සොයා බැලීමට විශේෂ සැසිවාරයක්
තනි පක්‍ෂයක් පිහිටුවනවාද?
ඉගැන්වීමේ ක්‍රමය වෙනස්කළ යුතුය
ලංවිමෙන් තෙල් සංස්ථාවට බිලියන 10 ක් ගෙවයි
හුලන්දාව රක්ෂිතයේ දැව ජාවාරමක් වටලයි
පැය 09 ක ජල කප්පාදුවක්
පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..
 
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය හෙට ආරම්භ වේ.

මේ නිම්ත්තෙන් අද (12) රාති‍්‍ර පිරිත් දේශනයක් ද පැවැත් වෙන අතර මේ වන විට කතරගම ඇසළ මංගල්‍ය සදහා පාද වන්දනාවෙන් බැතිමතුන් 7665 දෙනකු කතරගමට පැමිණි තිබේ.

අතීතයේ දී කතරගම දෙවියන්ගේ බුත්තල පැල්වත්තේ දෙවියන්ගේ වෙලේ වී සහල් රැගෙන පැමිණියේ තවලම් මගින්ය.

අතීතයේ අද මෙන් මාර්ග පහසුකම්, රථ වාහන පහසුකම් නොමැති නිසා මෙම තවලම් මගින් දෙවියන්ගේ වෙලේ කුඹුරු වලට අයත් වී සහල් මෙසේ රැගෙන පැමිණියහ.

වර්තමානයේ කාපට් මාර්ග සෑදි. ප‍්‍රවාහන පහසුකම් දියණු වුවත් අතීතයේ මෙන් අදටත් රජතුමාගේ අණ අකුරටම ඉටු කරමින් දෙවියන්ගේ වෙලේ වී තවලම් බැඳි ගවයින් පිට පටවා රැගෙන එනු ලබනුයේ දැඩි භක්තියකින්ය.

අද (12) වැනි දින බුත්තල දෙවියන්ගේ වෙලේ වී සහල් තවලම මගින් රැගෙන විත් දේවාලයේ වී ගබඩාවේ තැම්පත් කරනු ලැබීය. කතරගම ඇසළ මංගල්‍ය හෙට 13 වැනි දින ආරම්භ වී දින 15 ක් පුරාවට පවත්වා ජුලි 27 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න