Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් T-20 දින නියමයක් නොමැතිව කල්යයි

|Sun,15 July 2018 10.10|Special| Page Views :

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අගෝස්තු 18 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා පැවැත්විමට තීරණය කර තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් නව පාලක මණ්ඩලයක් පත්වීමෙන් පසු මෙම තරගාවලිය පවත්වන බවයි, එම නිවේදනයේ දැක්වෙන්නේ. ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 20-20 තරගාවලිය විධිමත්ව සහ ආකර්ශනීය අන්දමින් පැවැත්විය යුතු බව එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව, නව නිලධාරී මණ්ඩලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත්වීමෙන් පසු, අපේක්‍ෂිත අරමුණු සාක්ෂාත් කරගැනීමට හැකිවන අන්දමින් තරගාවලිය ඉදිරියේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න