Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කළුගඟ ජලාශයට ජල පිරවීම අද

|Mon,23 July 2018 07.55|Special| Page Views : 15

අලුත් පුවත්
ගිනිපෙට්ටි පාලම අලුත් වෙයි
සූර්ය පැනල නිෂ්පාදනය ලංකාවේ අරඹයි
මුහුදේ ගිලි ළමුන් දෙදෙනෙකු මරුට
තෙවරප්පෙරුම මහ රෑ එළවළු පටවයි
කළු ගඟ රන් දියවර මංගල්‍යය හෙට
කතරගම පෙරහැරට විශේෂ ප්‍රවාහන සේවාවක්
දුම්රිය තාක්ෂණික සේවා නිලධාරීන් අකුරට යයි
 
මොරගහකන්ද - කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ කළුගඟ ජලාශයට ජලය පිරවීම අද සිදු කෙරෙනවා.

ඊට සමගාමීව මොරගහකන්ද ජලාශය මෙරට කීර්තිමත් සිවිල් ඉංජිනේරුවෙකු වූ ආචාර්ය ඒ.එන්.එස්.කුලසිංහ මහතාගේ නමින් නම් කිරීමට ද නියමිතයි. උත්සවය පැවැත්වෙන්නේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටියෙන් ආරම්භ වන කළුගඟ, ලග්ගල පල්ලේගම ප්‍රදේශයේ දී හරස් කිරීමෙන් කළුගඟ ජලාශය නිර්මාණය වනවා. මෙහි සම්පූර්ණ ධාරිතාව ඝන මීටර දස ලක්ෂ 248ක්. ප්‍රධාන වේල්ලේ දිග මීටර 618ක් වන අතර, උස මීටර 68ක් වනවා. වේල්ලේ මුදුනත පළල මීටර 8ක්. මෙහි ජල පෝෂක ප්‍රදේශය වර්ග කිලෝ මීටර 128ක් වන අතර, ජලාශයේ විශාලත්වය වර්ග කිලෝ මීටර 14.5ක්.

කළුගඟ පහළ නිම්නයේ නැවත පදිංචි කරනු ලබන පවුල් තුන් දහසක් සඳහා කළුගඟ ජලාශයෙන් ජලය සැපයෙනවා. පැරණි හත්තොට අමුණෙන් ජලය ගෙන ගොස් සංවර්ධනය කරන ලද අක්කර දෙදහසකට පමණ අධික ප්‍රමාණයක් වගා කිරීම සඳහා අවශ්‍ය ජලය සැපයීමෙන් අනතුරුව, අතිරික්ත ජලය මොරගහකන්ද ජලාශයට නිකුත් කිරීමටයි, සැලසුම් කර ඇත්තේ. මොරගහකන්ද හා කළුගඟ ජලාශ සම්බන්ධ කෙරෙන කිලෝ මීටර 9ක් දිග උමග සහිත ඇල මාර්ගයේ ඉදිකිරීම් ද අද ආරම්භ වනවා. කළුගඟ ජලාශයේ පිරෙන ජලය තත්පරයට ඝන මීටර 35ක් මොරගහකන්ද ජලාශයට මෙම ඇල මගින් නිකුත් කිරීමට නියමිතයි.

කළුගඟ ජලාශය නිර්මාණයවීම තුළින් ඉහළ ඇලහැර ඇල මගින් මහකනදරාව දක්වා ගෙන යන ජල ප්‍රමාණය හා පැරණි අඹන්ගඟ යෝධ ඇල හරහා මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ දක්වා ගෙන යන ජල ධාරිතාව තවත් වර්ධනයවී, එම ප්‍රදේශවල කෘෂිකාර්මික සංවර්ධනය තවදුරටත් වර්ධනයවීම විශේෂත්වයක්.

පැරණි අඹන්ගඟ ඔස්සේ බෝවතැන්න ජලාශයේ සිට මොරගහකන්ද, ඇලහැර අමුණ ප්‍රදේශයෙන් ගලාගිය ජලය වයඹ ප්‍රදේශයේ පවුල් හතළින් දහසකට, වර්ෂය පුරා වගා කිරීමට හා පානීය හා කාර්මාන්ත සඳහා අවශ්‍ය ජලය සැපයීමටත් හැකිවන්නේ, කළුගඟ ජලාශයේ අතිරික්ත ජලය මොරගහකන්ද ජලාශය වෙත සැපයීමට හැකිවීම නිසා.

මීට අමතරව මෙගාවොට් 25ක විදුලිබල ධාරිතාවක් ද ජාතික විදුලිබල පද්ධතියට අද එක් කෙරෙනවා. මොරගහකන්ද වේල්ලේ කොළවරක කළු ගලින් නෙලන ලද අඩි 27ක් උස අව්කන බුදු පිළිමයේ අනුරුවක් ද වන්දනාමාන සඳහා ජනතාවට නිරාවරණය කිරීම ද ජනාධිපතිතුමා අතින් අද සිදු කිරීමට නියමිතයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න