Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දියවැඩියාව වළකන නව වී ප්‍රභේදයක්

|Mon,23 July 2018 09.58|Special| Page Views :

දියවැඩියාව වැළැක්වීම සඳහා ඉවහල්වන වී ප්‍රභේදයක් හඳුන්වා දීමට අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් පියවර ගෙන තිබෙනවා.

“නීරෝගා” නමින් හැඳින්වෙන මෙම වී වර්ගයෙන් සකස් කෙරෙන සහල්වල අඩංගුවන අවම කාබෝහයිඩ්රේට් නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අවම කර ගැනීමටහැකි වනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සෙනසුරාදා (21) අම්බලන්තොට වී පර්යේෂණායතනයේදැනට පර්යේෂණ සිදු කෙරෙන වී වගාව නිරීක්ෂණය කළා.

එහිදී අම්බලන්තොට වී පර්යේෂණායතනයේ නිලධාරින් පැවසුයේ අපේ රටේ ජනතාව වැඩිපුර බත් ආහාරය වශයෙන් ගැනීම සිරුරේ සීනි ප්‍රතිශතය ඉහළයාමට හේතුවන බවයි. එමනිසා ඊට ප්‍රතිකර්මයක් වශයෙන් නව වී ප්‍රභේදයක් හඳුන්වාදීම සඳහා කළ පර්යේෂණ මේ වනවිට ඉතාමත් සාර්ථක ව ඇති අතර දියවැඩියාව වළක්වන මෙම වී ප්‍රභේදය “නීරෝගා” නමින් හඳුන්වන බව එම නිලධාරිහු අමාත්‍යවරයාට පැවසුහ. අමාත්‍යවරයා නිරෝගා වී ප්‍රභේදය වගා කර ඇති කුඹුරු යාය පරීක්ෂාවට ලක් කළා.

දියවැඩියා රෝගය මේ වනවිට සමස්ත ලෝකයටම බරපතල තර්ජනයක් එල්ල කර ඇති අතර දියවැඩියා රෝගය සැළකෙන්නේ සියලු රෝගවල මව Mother of all Diseases ලෙසයි.

අපේ රටේ මේ වනවිට සෑම හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් දියවැඩියා රෝගයෙන් පෙළෙති. එම නිසා මෙම වී වර්ගය ව්‍යාපාරික මට්ටමින් වගා කර එම සහල් විදේශ රටවලට පවා අපනයනය කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

මේ ආකාරයේ මානව සෞඛ්‍යයට ඉතාමත් හිතකර භෝග වර්ග රැසක් ඉදිරි කාලය තුළ කෘෂි ක්ෂේත්‍රයට හඳුන්වා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් පර්යේෂණ රැසක් සිදු කරමින් සිටිනවා.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් බී. විජේරත්න, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්. එම්. එම්. වීරකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වුණා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න