Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජාතිකත්වය පිළිබඳව සිතන දේශපාලන පක්‍ෂ එකාබද්ධවිය යුතුය!

|Tue,24 July 2018 11.19|Political| Page Views : 41

අලුත් පුවත්
උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් ප්‍රතික්ෂේප කර ඇත!
කෝටි හයහමාරක එතනෝල් අල්ලයි
විදෙස් මුදල් තොගයක් කටුනායකදී කොටු වෙයි
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්කගේ මිතුරා අත්අඩංගුවට
කොටහේන මහා විද්‍යාලයේ ගින්නක්
ජපන් ලංකා විද්‍යුත් ත්‍රිරෝද රථයක්
ලංකාවට අලුත් පලතුරක්
රංගන ශිල්පි ඉන්දික ගිනිගේ අභාවප්‍රාප්ත වෙයි
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“ජාතිකත්වය පිළිබඳ සිතන දේශපාලන පක්‍ෂ ඒකාබද්ධ වී අපගේ පළාත් සභාවල යහපත් පාලනයක් ඇතිකිරීමට හැකි අරමුණක් කරා ගමන් කළ යුතුය” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් ප්‍රකාශ කර ඇත.

2018.07.22 වන දින වව්නියාවේ පැවති කළු ජූලි අනුස්මරණ කුසලානය සඳහා වන ක්‍රීඩා තරඟාවලියේ ආරම්භක වැඩසටහනට සහභාගි වී කතා කළ අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“දෙමළ දේශපාලඥයින් එකිනෙකාට විවේචනය කරන පුද්ගලයින් බවටත්, මතභේද ඇතිකරගන්නා පුද්ගලයින් බවටත් පත්වී ඇත. අපගේ ජාතියේ විමුක්ති ගමන අමතක කර ඇති බව ඉතාමත් කනගාටුවෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු. 1983 වර්ෂයේ දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් දෙමළ තරුණයින් අවි ආයුධ අතට ගත්තේ කෙසේද? ඒ ආකාරයෙන්ම දෙමළ දේශපාලන පක්‍ෂ ඒකාබද්ධ වී දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කළ යුතුය.

ජාතිකත්වය පිළිබඳ සිතනා පුද්ගලයින් ඒකාබද්ධ විය යුතු බව මාගේ අදහසයි. මේ වනවිට උතුරු පළාත් සභාව දෙකට තුනට බෙදීමේ අවදානම් තත්වයක් ඇත. මෙම පළාත් සභාව දමිළයින් විසින් පාලනය කළයුතු පළාත් සභාවකි. එය වෙනත් කිසිවෙකුටත් පාලනය කිරීමට ඉඩ ලබානොදිය යුතුය.

එබැවින්, පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී අප වෙන්වී කටයුතු කළහොත්, අනාගතයේදී එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සාකච්ඡා කර, අපගේ පළාත් සභාව පාලනය කළයුතු අභාග්‍ය සම්පන්න තත්වයක් උද්ගත වනු ඇත. එයට කිසිඳු අවස්ථාවක ඉඩ ලබානොදිය යුතුය‍. අප අඛණ්ඩව මෙම පළාත් සභාව ශක්තිමත් පළාත් සභාවක් ලෙස පාලනය කිරීමට හැකි, 2/3 බහුතර බලයක් ඇති පළාත් සභාවක් ලෙස පාලනය කළයුතු නම්, අප සියළුදෙනා ඒකාබද්ධ විය යුතුය.පරිවර්තනය කලේ

එබැවින්, අපගේ ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්, දෙමළ ජාතික සන්ධානය සහ අනෙකුත් දෙමළ දේශපාලන පක්‍ෂ ඒකාබද්ධ වී උතුරු පළාත් සභාව පාලනය කළ යුතුය. ඒ වෙනුවෙන් දෙමළ ඊළම් විමුක්ති සංවිධානය කැපවීමෙන් කටයුතු කරනු ඇත. දෙමළ දේශපාලන පක්‍ෂ ඒකාබද්ධ නොවුණහොත්, අපගේ පළාත් සභාව ශක්තිමත් පළාත් සභාවක් ලෙස පාලනය කිරීමට නොහැකි තත්වයක් උද්ගත වනු ඇත” යනුවෙන් සෙල්වම් අඩෙයික්කලනාදන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න