Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙමළ ජනතාවට නායකයෙකු අවශ්‍ය නොමැත!

|Tue,24 July 2018 11.23|Political| Page Views : 28

අලුත් පුවත්
ජාතිකත්වය පිළිබඳව සිතන දේශපාලන පක්‍ෂ එකාබද්ධවිය යුතුය!
උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් ප්‍රතික්ෂේප කර ඇත!
කෝටි හයහමාරක එතනෝල් අල්ලයි
විදෙස් මුදල් තොගයක් කටුනායකදී කොටු වෙයි
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්කගේ මිතුරා අත්අඩංගුවට
කොටහේන මහා විද්‍යාලයේ ගින්නක්
ජපන් ලංකා විද්‍යුත් ත්‍රිරෝද රථයක්
ලංකාවට අලුත් පලතුරක්
 
පරිවර්තනය කලේ(ලංකාවන් වෙබ් අඩවිය)

“දෙමළ ජනතාවට තවදුරටත් නායකයෙකු අවශ්‍ය නොමැත. යහපත් පරිපාලනයක් ඔවුන්ට අවශ්‍ය වී ඇත” යනුවෙන් උතුරු පළාත් සභා මන්ත්‍රී ජී.ටී.ලිංගනාදන් ප්‍රකාශ කර ඇත.

ආචාර්ය චන්ද්‍රසේකරම් පරමලිංගම් විසින් රචනා කළ ‘ඉලංගෙයිල් තමිලර් ඉරමෙයි’ (ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ස්වාධිපත්‍යය) යන ග්‍රන්ථය එළිදැක්වීමේ වැඩසටහනට සහභාගි වී කතා කළ අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“වසර 70ක කාලයක සිට අප ලද අත්දැකීම්වලින් තවමත් නිසි පාඩමක් ඉගෙනගෙන නොමැත.

ප්‍රථමයෙන් දෙමළ ජනතාව සඳහා වන ස්ථිර දේශපාලන විසඳුමක් ලබාගත යුතුය. දේශපාලන විසඳුමක් ලබාගන්නා විටදී, අතුරුදහන්කළ පුද්ගලයින්, ඉඩම් ගැටළුව, දෙමළ දේශපාලන රැඳවියන්ගේ ගැටළුව, උතුරු නැගෙනහිර ඒකබද්ධ කිරීම, භාෂා ගැටළුව, ආගමික ගැටළුව යනාදී සියළු ගැටළුවලට විසඳුම් දැකීමට හැකිය. ඒ සඳහා දෙමළ දේශපාලන රැඳවියන් වසර 70ක කාලයක සිට උත්සාහ කළත්, තවමත් එය සාර්ථක වී නොමැත. මා එක් දෙයක් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

දෙමළ ජනතාවට තවදුරටත් නායකයෙකු අවශ්‍ය නොමැත. යහපත් පරිපාලනයක් ඔවුන්ට අවශ්‍ය වි ඇත” යනුවෙන් ජී.ටී.ලිංගනාදන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න