Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ‍්‍රී ලංකාව අමෙරිකා හමුදා ප‍්‍රධානියාගේ ඇගයීමට

|Thu,26 July 2018 09.32|Security| Page Views : 170

අලුත් පුවත්
දැව ආනයනයට රුපියල් බිලියන 13ක්
දුම්රිය වර්ජනයක්
දුම්රියට අලුතින් රේල් පීලි 5000ක්
වසරකට 600 ක් මියයන අපේ විදෙස් ශ්‍රමිකයෝ
ඊළඟ ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන පත්විය යුතුය!
කොටකෙතන ඝාතන සිදුවීම - විත්තිකාර කාන්තාව නිදහස් ...
දර්ගා නගරයේ සිද්ධියට වන්දි ගෙවයි ..
එල්ලා මැරීම නිර්දේශ කරන කමිටුව රැස්‌වෙයි ...
 
දිවයිනට පැමිණ සිටින අමෙරිකා එක්සත් ජනපද හමුදාවේ පැසිෆික් කලාපීය අණ දෙන නිළධාරී ජෙනරාල් රොබර්ට් බී බ්‍රවුන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.

ජාතීන් අතර සුහදතාව වර්ධනය කරමින් වත්මන් රජය ගෙන යන සංහිදියා වැඩපිළිවෙල රොබර්ට් බී බ්‍රවුන් මහතා විසින් එහිදී ඇගයීමට ලක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ආරාධනයකට අනුව සිව් දින නිළ සංචාරයක් සඳහා රොබර්ට් බී බ්‍රවුන් මහතා දිවයිනට පැමිණ තිබේ.

කලාපීය ආපදා කළමනාකරණ ක්‍රියාවලියේදී එක්සත් ජනපද හමුදාවට සහය විය හැකි ආකාරය සහ ශ්‍රි ලංකා සාම සාධක හමුදාවට ජාත්‍යන්තර පුහුණු අවස්ථාවන් විවර කරගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්ය.

බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේදී මෙරට හමුදාව දක්වන විශිෂ්ඨ දායකත්වය මෙහිදී ඇගයීමට ලක් කළ ජෙනරාල්වරයා එහිදී පළ කරන වෘත්තීයභාවය ඉතා ඉහලින් අගය කර තිබේ.

30 වසරක් පුරා පැවති ත්‍රස්ථවාදී යුද්ධය විජයග්‍රහණය කිරීමෙන් පසු එම අත්දැකීම් එවැනි සන්නද්ධ ගැටලු විසදීම සඳහා ගෝලීය හවුල්කරුවන් සමග හුවමාරු කරගැනීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය වූ බව ජනාධීපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න