Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අදත් තරමක තද වැසි

|Thu,26 July 2018 09.54|Security| Page Views :

ඌව සහ නැගෙනහිර පළාත් වලත් පොලොන්නරුව, මුලතිවු සහ වවුනියා දිස්ත්‍රික්කවලත් අද (26) සවස 2.00 න් පමන පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවත් මධ්‍යම, සබරමුව සහ බස්නාහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර කුරුණෑගල , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන් විය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම නිවේදනයේ සඳහන් විය.

මිට අමතරව , අද දිනයෙදි පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 3ක් හෝ 3.5 ක් පමණ (ගොඩබිමට පැමිණේන රළ නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුද රළු වන අතර මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී.

දිවයිනට නැගෙනහිරින් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ගහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශිවල සිහින් වැසි ඇතිවිය හැකියි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර හෝ නිරිත දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.

පුත්ත ම සිට මීගමුව, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි වීමේ හැකියාව පවතී.

එම නිසා එම මුහුදු ප්‍රදේශව රළු විය හැකි බැවින් ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානදේයන් කටයුතු කරන ලෙස එම දේපාර්තමේන්තුව පැවසීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න