Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විදෙස්ගත විශ්වවිද්‍යාල අචාර්යවරුන්ට රතු එලියක්

|Thu,26 July 2018 10.01|Security| Page Views :

පශ්චාත් උපාධි හැදෑරීම සඳහා විදේශගත වූ විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගෙන් බහුතරයක් නැවත මෙරටට පැමිණ නොමැති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සඳහන් කළේ, පශ්චාත් උපාධි හදාරන එක් ආචාර්යවරයෙකු සඳහා රජය රුපියල් ලක්ෂ 60 ක් පමණ වැය කරන බවයි.

ඊට අමතරව අධ්‍යාපනය හදාරන කාලය තුළ වැටුප් ලබාදෙන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

පශ්චාත් උපාධි හැදෑරූ ආචාර්යවරුන් නැවත දිවයිනට නොපැමිණීම හේතුවෙන් වසරකට රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුව ඇති බව ද ලේකම්වරයා පෙන්වා දෙයි.

ඔහු සඳහන් කළේ, මේ හේතු සලකා බලා පශ්චාත් උපාධි හැදෑරිමෙන් පසුව නැවත මෙරටට පැමිණ නොමැති අචාර්යවරුන්ගෙන් එම මුදල් අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව ඇපකරුවන්ගෙන් හෝ එම මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න