Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යාල - අදියර 3කට සංවර්ධනයට පියවර

|Thu,26 July 2018 10.40|Special| Page Views :

යාල ජාතික වනෝද්‍යානය අදියර තුනක් යටතේ සංවර්ධන කිරීමට පියවර ගෙන තිබෙනවා.

ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන්නේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ අධීක්ෂණය මතයි. අන්තර්ජාතික කීර්තියට පත් මේ වනෝද්‍යානය දෙස් - විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකාර්ශනයට ලක් වූ වනෝද්‍යානයක් ලෙසයි, සැළකෙන්නේ.

2008 වර්ෂයේ දී 43,000කට අධික සංචාරක පිරිසක් නැරඹූ මේ වනෝද්‍යානය 2015 වන විට එය පන් ලක්ෂය දක්වා වර්ධනය වී තිබෙනවා.

දෛනිකව වාහන 250කට ආසන්න ප්‍රමාණයක් වනෝද්‍යානයට ඇතුළු වන අතර මේ සංඛ්‍යාව සති අන්ත හා නිවාඩු දිනවල දී 700 දක්වා ඉහළ යනවා. කෙටි කාලීන ව්‍යාපෘතියක් ලෙස පෙරවරු 6.00 සිට 10.00 දක්වාත්, පස්වරු 2.00 සිට 6.00 දක්වාත් වනජීවී සංරක්ෂන දෙපාර්තමේන්තුවේ රථ දෙකක් ජංගම මුර සේවයේ යෙදවීම, අලුයම සහ සවස් කාලයේ වනෝද්‍යානයට ඇතුළු වන වාහන සඳහා අවසරපත් නිකුත් කිරීම, වනජීවී සංරක්ෂන දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීම අංක 01, 03, 04, 05 කලාප, මාරු ක්‍රමයට මාස 3ක කාලයක් වසා දැමීමේ ක්‍රමයක් හඳුන්වා දෙමින් එය යාල 01 කලාපයෙන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න