Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විමර්ශන අවසන් කරන්නට පෙර තරුණියන් දෙදෙනා ලංකාවෙන් ගිහින් - අතවර සිද්දිය ගැන ධනුෂ්කගෙනුත් ප්‍රශ්න කරයි

|Thu,26 July 2018 11.28|Gossip| Page Views : 30

අලුත් පුවත්
කටුනායකට e-passport ක්‍රමයක්
යාල - අදියර 3කට සංවර්ධනයට පියවර
විදෙස්ගත විශ්වවිද්‍යාල අචාර්යවරුන්ට රතු එලියක්
තේ දළුවල බර වැඩි කරන ජාවාරමක්!
අදත් තරමක තද වැසි
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට ජාත්‍යන්තර ජයග්‍රහණයක්
ශ‍්‍රී ලංකාව අමෙරිකා හමුදා ප‍්‍රධානියාගේ ඇගයීමට
දැව ආනයනයට රුපියල් බිලියන 13ක්
 
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ මිතුරෙකු වන සන්දීප් ජූඩ් නමැත්තා විසින් නෝර්වේ ජාතික තරුණියකට අතවර කිරීමට උත්සාහ කළ බව කියන සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වන තෙක් මෙරට රැඳී සිටිමට අකමැති වූ පැමිණිලිකාර තරුණිය හා ඇයගේ මිතුරිය නැවත නොර්වේ බලා පිටත්ව ගොස් තිබෙනවා

අදාල පැමිණිල්ලේ විමර්ශන අවසන් කරන තුරු මෙරට රැඳී සිටින ලෙස මෙම පැමිණිලිකාර තරුණිය සහ අයගෙන් මිතුරියගෙන් සංචාරක ‍පොලීසිය ඉල්‍ලීමක් කර තිබුණු අතර ඔවුන්ට අවශ්‍ය වීසා, නවාතැන් පහසුකම් සහ ආහාරපානද නොමි‍ලේ ලබාදීමට හැකි බව ‍පොලීසිය සඳහන් කර තිබුණද තම ගමන් සැලැස්ම වෙනස් කිරීමට අකමැති බව දැනුම් දී ඔවුන් ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකගේ මිතුරා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර කර ඇති අතර දනුෂ්ක ගුණතිලකගෙන් ඊයේ (25) කොල්ලුපිටිය ‍පොලීසිය විසින් අදාළ සිදුවීම පිළිබඳ ප්‍රශ්න කිරීමක් සිදුකර තිබුණා.

පසුගිය 15 වැනි දින මෙම සිද්ධියේ පැමිණිලිකාරිය වන නෝර්වේ ජාතික තරුණිය ඇයගේ තවත් මිතුරියක සමඟ මෙරට සංචාරයක් සඳහා පැමිණ තිබූ අතර පැමිණිලිකාරිය වන හෙයිස් බර්ජි බැකේන්සීන්ගේ මිතුරිය වන සිල්ජේ නයිලැන්ඩ් හට ධනුෂ්ක ගුණතිලක ෆේස්බුක් හරහා කතාබහ කොට මිතුරු වී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතී සිටි කොළඹ සුපිරි හෝටලයට පැමිණෙන ලෙසට දන්වා තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න