Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පුනරුත්ථාපනය ලැබූ සාමාජිකයින් පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත!

|Thu,26 April 2018 14.30|Political| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

මෙරටේ පසුගිය වසර 10ක කාලය තුලදී හිටපු විමුක්ති කොටි සාමාජිකයින් 12,186 දෙනෙකු පුනරුත්ථාපනය කර ඇති බව පුනරුත්ථාපන කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත.

පුනරුත්ථාපනය කල විමුක්ති කොටි සාමාජිකයින් පිළිබඳ තොරතුරු ලබාදෙන මෙන්, තොරතුරු දැනගැනීමේ පනත යටතේ මාධ්‍යවේදියෙකු විසින් ඉල්ලීමක් කර තිබුණි. නමුත්, පුනරුත්ථාපනය කල විමුක්ති කොටින්ගේ පුද්ගලික අයිතිය සහ ජාතික ආරක්‍ෂාව යනාදි හේතු පෙන්වා, ප්‍රථමයෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණි.

මෙවැනි පසුබිමකදී, අදාල තොරතුරු ජාතික ආරක්‍ෂාවට හෝ පුද්ගලික අයිතියට තර්ජනයක් නොවන බවට ඉදිරිපත් කල තර්කයෙන් අනතුරුව, පුනරුත්ථාපන කොමසාරිස්වරයා සත්‍යය තොරතුරු අනාවරණය කර ඇත.

ඒ අනුව 2008 වර්ෂයේ සිය 2018 වර්ෂය දක්වා කාලය තුලදී විමුක්ති කොටින් 12,186 දෙනෙකු පුනරුත්ථාපනය කර ඇති බවත්, ඔවුන් අතරින් 4156 දෙනෙකු (අවු:20-29) අතර පුද්ගලයින් වන බවත්, ඔවුන් අතරින් 1084 දෙනෙකු කාන්තා සටන්කාමිනියන් බවත්, පුනරුත්ථාපනය කල හිටපු සටන්කාමින් අතරින් 594 දෙනෙකු ළමා සටන්කාමින් බවත් පුනරුත්ථාපන කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න