සමඟිය ව්යාකූලවුවහොත්, විශාල හානියක් සිදුවනු ඇත
|Mon,30 July 2018 14.58|Security| Page Views :
44
|
|
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)
දෙමළ ජනතාව මධ්‍යයේ ඇතිවෙමින් තිබු සමඟිය නැවත ගොඩනැගිය යුතු බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.
ත්‍රිකුණාමලයේ පිහිටි විපක්ෂ නායකවරයාගේ කාර්යාලයේදී ටෙලෝ සංවිධානයේ නියෝජිතයින් සහ තමිලරසු පක්ෂයේ නියෝජිතයින් සමඟ 2018.07.28 වන දින පස්වරුවේ පැවැත්වු සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වු අවස්ථාවේදී විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මේ බව ප්‍රකාශ කර ඇත.
“දෙමළ ජනතාවගේ සමඟිය ව්‍යාකූල කරන අන්දමින් මෑත කාලයේ බොහෝ කටයුතු සිදුකරමින් සිටියි. එම කටයුතු අඛණ්ඩව සිදුකලහොත්, දැනට දෙමළ ජනතාව අතර පවතින සමඟියත් ව්‍යාකූල වන තත්වයක් උද්ගතවනු ඇත. ඒ හේතුවෙන් දෙමළ ජනතාවට විශාල හානියක් සිදුවනු ඇත” යනුවෙන් ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.
ඒ අතරම, දෙමළ ජනතාවගේ සමඟිය සහ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කර ඇති බව දැනගැනීමට ලැබී ඇත.
|
|