Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය අපේක්‍ෂකයා කවුරුන්ද?

|Thu, 02 August 2018|Security| Page Views :

පරිවර්තනය කලේ(සංකදි 24 වෙබ් අඩවිය)

“උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය අපේක්‍ෂකයා කවුරුන්ද? යන්නත් එය කුමන දිනයක දැනුවත් කරන්නේද? යන්නත් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් ඒකාබද්ධවී තිරණයක් ගෙන නිසි වේලාවේදී දැනුවත් කරන්නෙමු” යනුවෙන් ඉලංගෙයි තමිලරසු පක්‍ෂය නායක මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත. උතුරු පළාත් සභාව විසුරුවා හැරීම සඳහා තව කාලය තිබෙන අතර, උතුරු පළාත සඳහා වන මැතිවරණය පවත්වන්නේ කවදාද? යන්න සම්බන්ධයෙන් ස්ථිර වශයෙන් තීරණයක් ගෙන නොමැත. මෙවැනි පසුබිමකදී, මිළඟ ප්‍රධාන ආමාත්‍ය අපේක්‍ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විවිධ අදහස් ප්‍රකාශ කරමින් සිටියි.

දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්‍ෂයන් අතර මෙම කරුණ සම්බන්ධයෙන් කතා කරමින් සිටියි. උතුරු සහ නැගෙනහිර පළාත්වල මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රකාශ කළ අවස්ථාවේදී, දෙමළ ජාතික සන්ධානය ප්‍රධාන අමාත්‍ය අපේක්‍ෂකයා කවුරුන්ද? යන්න සම්බන්ධයෙන් නිසි වේලාවේදී නිසි ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායකයින් ඒකාබද්ධ වී තීරණයක් ගනු ඇත.

දෙමළ ජාතික සන්ධානයේ නායකයින්, කිසිඳු ව්‍යාකූලකාරී තත්වයකින් තොරව, අපගේ ජනතාව වෙනුවෙන් සිදුකළ යුතු කටයුතු නිසි ලෙස ඉටුකරන බවත්, ජනතාව වෙත බොරු පොරොන්දු ඉදිරිපත් නොකරන බවත්, අපගේ ජනතාවට ජාතිවාදී ගැටළුවට විසදුම් ලබාදීම සහ ආර්ථිකය සංවර්ධන කිරීමේ කටයුතු වල නිතරවී සිටින්නෙමු” යනුවෙන් මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න