Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශි‍්‍ර ලංකා කි‍්‍රකට් තරුවක් රට යයි

|Fri, 03 August 2018 |Security| Page Views : 16

අලුත් පුවත්
කාන්තා කබඩි පිලට ඉන්දියාවේ සහාය
අධික උණුසුමෙන් දකුණු කොරියාවේ පුද්ගලයින් 29ක් මරුට
සීනි කෑ අය වහාම රෝහල වෙත යන්න
වසර 30 කට විදුලිය දිය හැකි ගෑස් නිධියක් හමුවේ
බෝල බෝල අයිස් වැස්සක්
බිස්කට් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
ලංකාව පුරා දොස්තරවරු අද වැඩවර්ජනයක
සුළඟින් නිවාස 100කට හානි
 
ලාස්ට් මෑන් චාන්ස් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට එක්වන අජන්ත මෙන්ඩිස් ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (03) අලූයම දිවයිනෙන් පිටත්ව ගියා. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ එංගලන්තයේදීයි.

ලාස්ට් මෑන් ස්ටෑන්ඞ් කි‍්‍රකට් යනු එක් පන්දුවාරයක් පන්දු 5කට සීමා කර ඇති නව ආරක විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියක්. තරගයක් පැය දෙකක කාලයක් තුළ පවත්වා අවසන් කළ යුතු අතර මෙහි ඇති තවත් සුවිශේෂිත්වය වන්නේ අවසන් පිතිකරුවාටද වුවද තනිව පන්දුවට පහරදීමේ හැකියාව පැවතීමයි. රටවල් 12ක් තරග වදින මෙම නව තරගාවලිය සදහා නම් දැරූ හිටපු කී‍්‍රඩකයින් රැසක්ද එක්ව සිටිනවා.

මෙම තරගාවලියට එක්වන පාකිස්තානු කණ්ඩායමේ නායකයා ලෙස අබ්දුල් රසාක් කටයුතු කරන අතර ඉන්දීය කණ්ඩායමට විනෝද් කම්ලි නායකත්වය ලබා දෙනවා. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරු වූ නික් පෝතස් ද මෙම තරගාවලියට එක්ව සිටින අතර ඔහු එහිදී නායකත්වය ලබා දෙන්නේ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමටයි. බටහිර ඉන්දීය කොදෙව් හිටපු කී‍්‍රඩක ෂීවනරීන් චන්ද්‍රපෝල්ද මෙම තරගාවලියට සහභාගි වන අතර නවසීලන්ත කණ්ඩායමට ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් නායකත්වය ලබා දෙනවා.

එ් කාණ්ෙයෙන් මෙම තරගාවලියේදී තරග වදින්නේ සත්කාරක එංගලන්තය, පාකිස්තානය, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඉන්දියාව සහ ස්කොට්ලන්තයයි.

බී කාණ්ඩයෙන් ශී‍්‍ර ලංකාව, දකුණු අපි‍්‍රකාව, ඔස්ටේ‍්‍රලියාව, වේල්සය, අමෙරිකාව සහ සිංග්ප්පූරුව තරග වදිනවා. ලාස්ට් මෑන් චාන්ස් ලෝක කුසලාන තරගාවලිය ලබන 5 වැනිදා ආරම්භ වන අතර අවසන් මහ තරග 12 වැනිදා පැවැත්වීමට නියමිතයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න