Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රාදේශීය සභාවට උප කාර්යාලයක් !

|Fri, 03 August 2018|Security| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

ගැටළුකාරී තත්වයක් මධ්‍යයේ දීර්ඝ කාලීනව ක්‍රියාත්මක වෙමින් තිබු පච්චිලෙයිපල්ලි ප්‍රදේශීය සභාවට අයත් උප කාර්යාලය, ආයුර්වේදය සහ පුස්ථකාලය සඳහා කාර්යාලයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබිමේ උත්සවයක් පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.සුරේන්ගේ ප්‍රධානත්වයෙන් 2018.08.01 වන දින පවත්වා ඇත.

එම උප කාර්යාලය ඉදිකිරීම සඳහා මිලියන 07ක මුදල් ආධාරයක් වෙන්කර ඇත. තවද, මෙම කාර්යාලය ඉදිකිරීම සඳහා වන ඉඩම සංගර්පිල්ලේ නැමැත්තා විසින් පරිත්‍යාග කර ඇත. පළාත් සභාව විසින් වෙන්කර තිබූ මුදල් ආධාරයෙනුත්, ප්‍රාදේශීය සභාව විසින් වෙන්කළ තිබූ මුදල් ආධාරයෙනුත් මෙම උප කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරිමට නියමිතය.

මෙම වැඩසටහනට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්, පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.සුරෙන්, පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, සමාජ ක්‍රියාධාරීන්, සංගර්පිල්ලේ විග්නේෂ්වරන් සහ ප්‍රාදේශීය සභා ලේකම් ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න