Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සිකුරාදා ඉන්ධන මිල සංශෝධනය බලා ඉරිදා රාත්‍රියේ සිට බස් වර්ජන

|Wed, 08 August 2018|Security| Page Views : 61

අලුත් පුවත්
ගංජා ළඟ තබාගත් 3ක් අත්අඩංගුවට
ලෝක වෙළඳපලේ බොර තෙල් මිල ඉහළ ගියත් එයින් ජනතාවට බලපෑමක් නොවිය යුතුයි
අදත් සුළඟේ වේගය වැඩි විය හැකියි
සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ මත්ද්‍රව්‍ය සමාජගත වීමේ අවදානමක්
තවත් සංශෝධන පනත් කෙටුම්පතක් අද විවාදයට
දුම්රිය අනතුරෙන් තුවාල වු අයට වන්දියක්
ඥාණසාර හිමි අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට
අම්පිටිකන්ඳේ ගින්නක්-අක්කර 10ක් විනාශයි
 
බස් කර්මාන්තයට ඇති වී තිබෙන ගැටලු 09ක් මුල් කරගනිමින් 12 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට අඛණ්ඩ බස්රථ වර්ජනයක් ආරම්භ කරන බව බස් සංගම් එකමුතුව සඳහන් කරයි.

මීට අමතරව 10 වැනිදා සිදුවීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයේදී රුපියල් 10කට වැඩි මිලකින් ඩීසල් ලීටරය ඉහළ ගියහොත් අවම බස් ගාස්තුව ඇතුළුව සියලුම ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන බව එම සංගමයේ සාමාජික සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.

ඊයේ (O7)දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී එම් සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඩීසල් ලීටරයක මිල රුපියල් 05 - 10 ත් අතර මුදලකින් ඉහළ ගියහොත් අචම ගාස්තුව හැර අනෙකුත් ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන බවයි.

වර්තමාන රජයේ ප්‍රතිපත්ති හා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හා පළාත් අධිකාරීවල අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා පෞද්ගලික බස් කර්මාන්තය සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙන බව අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මේ නිසා අදාළ ගැටලු විසඳාගැනීමට උත්සාහ කළද බලධාරීන් ඒ සඳහා උනන්දු නොවන හෙයින් 12 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට බස්රථ සේවයන් ඉවත් කරගන්නා බවද එම සංගමයේ සභාපති සරත් විජිත මහතා සඳහන් කළේය.

මාර්ග බලපත්‍ර අයිතිය උදුරාගැනීමට සිදුකරන කූට ක්‍රමවේදය, මාර්ග බලපත්‍ර ටෙන්ඩර් ක්‍රම මගින් බලයලත් ආයතන බස් හිමියා සුරාකෑම සහ බස් කර්මාන්තය විනාශ කිරීමට හංගේරියාවන් බස් රථ ගෙන්වීමට සැලසුම් කිරීම ඇතුළු ගැටලු 09ක් මුල් කර ගනිමින් මෙම වර්ජනය සිදුකරන බවද හෙතෙම පවසා සිටියේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න