Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජාතිය වෙනුවෙන් දිවිදුන් වඩමාරච්චි වීරයා සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව

|Wed, 08 August 2018 10:00|Security| Page Views : 56

අලුත් පුවත්
සිකුරාදා ඉන්ධන මිල සංශෝධනය බලා ඉරිදා රාත්‍රියේ සිට බස් වර්ජන
ගංජා ළඟ තබාගත් 3ක් අත්අඩංගුවට
ලෝක වෙළඳපලේ බොර තෙල් මිල ඉහළ ගියත් එයින් ජනතාවට බලපෑමක් නොවිය යුතුයි
අදත් සුළඟේ වේගය වැඩි විය හැකියි
සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ මත්ද්‍රව්‍ය සමාජගත වීමේ අවදානමක්
තවත් සංශෝධන පනත් කෙටුම්පතක් අද විවාදයට
දුම්රිය අනතුරෙන් තුවාල වු අයට වන්දියක්
ඥාණසාර හිමි අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට
 
සෙන්පති ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බ්‍රිගේඩියර් විජය විමලරත්න අතුළු රණවිරුවන් දස දෙනෙකු මාතෘ භූමිය වෙනුවෙන් දිවි පුදා අදට (8) දිනට වසර විසි හයකි. 1992 අගෝස්‌තු 8 වැනිදා යාපනය අරාලි තුඩුවේදී මෙම රණවිරුවන් ගමන්ගත් ජීප් රථය පීඩන බෝම්බයකට හසුවීමෙන් ඔවුන් සමග අප රටට අහිමිවූ සෙසු පිරිස වනුයේ උතුරේ නාවික හමුදා ආඥපති කොමදෝරු මොහාන් ජයමහ ලුතිනන් කර්නල්වරුන් වූ ජි. එච්. ආරියරත්න, එච්. ආර්. ස්‌ටීවන්, ඒ. පලිපාන, මේජර් එන්. එස්‌. ද. අල්විස්‌, නාවික ලුතිනන් අසංක ලංකාතිලක, ලුතිනන් ඩබ්ලිව්. ඩි.සි.ඩබ්ලිව් විඡේපුර, හමුදා සෙබළ ඩබ්ලිව්. ඡේ. වික්‍රමරත්න යන රණවිරුවන්ය. මේ මතක සැමරුම ඒ වෙනුවෙනි.

ඒ 1992 අගෝස්තු 8 වෙනිදායි , හරියටම අදට 26 වසරකට පෙරය. "ෆයිනල් කවුන්ට් ඩවුන්" නම් වූ මෙහෙයුම ඇරඹීමට සියල්ල සූදානම් වී පැවැතිණි. දවස් දෙක තුනකින් ඇරඹීමට නියමිත මෙම මෙහෙයුම අප මාතෘ භූමිය ත්‍රස්තයන්ගෙන් ගලවාගැනීමේ මෙහෙයුම බවට මෙම නිළදාරියාට විශ්වාසය තිබුණි.

විශේෂ රැස්වීමකට යාම සදහා ඩිපෙන්ඩර් රථය සූදානම් වෙමින් පැවිතිණි.සිය ශේෂ්ඨ නිළදාරියා කී රැස්වීමට යාමට රියදුරු අසුනට නැගී බි‍්‍රගේඩියර් විමලරත්න මහතා වාහනය ධාවනය කරන්නට විය.කෙටි මගක් ඔස්සේ රථය දූවිලි වලාවන් නන්වමින් ඉදිරියට ඇදෙන්නට විය.

නොසිතූ නිමේශයකි, දූවිලි වලාවන් අතරින් විශාල ගිණි ජාලාවක් නම්වමින් රථය පුපුරා ගියේය. ඒ වන විට ජෙනරාල් වරයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් තවත් වාහන දෙකක සෙබළුන් පිරිසක් සිටියේය. පිපුරුම දෙසට වහාම ගිය ඔවුනට දැක ගතහැකිවූයේ විනාශ වී ගිය වාහනය අසල වැටී සිටි මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ සිරුරයි.

"ජනරාල් ගේ හුස්ම වැටෙනවා යැයි" සෙබලෙක් කෑගසා ප‍්‍රකාශ කෙළේය.

වහාම ළං වූ අන් සෙබලුන් මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාවත් තවමත් ජීවතුන් අතර සිටි රියර් අද්මිරාල් මොහාන් ජයමහවත් කෝප‍්‍රල් උපාලිවත් පලාලි රෝහලට ගෙන යන ලදී.

පසුව ජෙනරාල්වරයා කොළඹට ගෙන ආ අතර එහිදී වෛද්‍යවරුන් විස්සක් පමණ දෙනා පැය එකහමාරකට වැඩි කාලයක් තිස්සේ ගෙන ගිය සටන පරාජය කරමින් කොබ්බෑකඩුව මහතා දැයෙන් සමුගත්තේය.

මොහාන් ජයමහ මහතා ද රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය අතර, කෝප‍්‍රල් උපාලි පමණක් ජීවිතය බේරාගත්තේය. එහෙත් ඔහුගේ දෙපා අහිමි වී තිබුණි.

මෙලෙස 1992 අගෝස්තු මස 8 වෙනි සෙනසුරාදා යාපනයේ කයිට්ස් හි අරියාලේ හන්දියේදී පුපුරා ගිය අධි බලැති පීඩන බෝම්බයෙන් මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බි‍්‍රගේඩියර් විජය විමලරත්න, නාවික හමුදා කොමදෝරු මොහාන් ජයමහ, කර්නල් ජී. එච්. ආරියරත්න, කර්නල් එම්. ආර්. ස්ටීවන්, කර්නල් වයි. එන්. පලිපාන, මේජර් නලීන් අල්විස්, ලුතිනන් අසංග ලංකාතිලක, ලුතිනන් චන්දිම විජයපුර, සෙබල ඩබ්ලිව්. ජී. වික‍්‍රමරත්න යන පිරිස මියගියහ.

විජයග්‍රහණය පෙනී නොපෙනී ජාතියෙන් සමුගත් මේ වීරයා ජාතිය වෙනුවෙන්ම ඉපිද ජාතිය වෙනුවෙන්ම ජීවිතය කැපකල ශේෂ්ඨයෙකු ලෙස ඉතිහාස පොතට එක්විය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න