Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

චෙයින් වේචැන්ග් කොළඹ වරායට සේන්දු වෙයි

|Thu, 09 August 2018|Security| Page Views : 67

අලුත් පුවත්
පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද
ජාතිය වෙනුවෙන් දිවිදුන් වඩමාරච්චි වීරයා සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව
සිකුරාදා ඉන්ධන මිල සංශෝධනය බලා ඉරිදා රාත්‍රියේ සිට බස් වර්ජන
ගංජා ළඟ තබාගත් 3ක් අත්අඩංගුවට
ලෝක වෙළඳපලේ බොර තෙල් මිල ඉහළ ගියත් එයින් ජනතාවට බලපෑමක් නොවිය යුතුයි
අදත් සුළඟේ වේගය වැඩි විය හැකියි
සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ මත්ද්‍රව්‍ය සමාජගත වීමේ අවදානමක්
තවත් සංශෝධන පනත් කෙටුම්පතක් අද විවාදයට
 
චීන නාවික හමුදාවට අයත් ‘චෙයින් වේචැන්ග්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි.

චීන නාවික හමුදාවට අයත් ‘චෙයින් වේචැන්ග්’ නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබේ.

එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව ඊයෙ(08) පිළිගෙන ඇත.

නෞකාව කොළඹ වරායට සේන්දු වීමෙන් අනතුරුව, චින නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ කපිතාන් ඩොන්ග් යෑන් මහතා සහ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර්, චාන්ග් ඡයෝන්ග් මහතා ඇතුළු පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

එහිදී ඔවුන් ‍අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි මහතා ද සහභාගී වී තිබේ.

සිව්දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද සහභාගී වීමට නියමිතව ඇත.

දිගින් මීටර් 129 ක් සහ පළලින් මීටර් 17 කින් යුත් ‘චෙයින් වේචැන්ග්’ නෞකාව ටොන් 4900 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 158 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය. සංචාරය නිමා කිරීමෙන් අනතුරුව එළඹෙන අගෝස්තු 11 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න