Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විජයකලාගේ පරීක්ෂණ අවසන්-අධිකරණයට දන්වයි

|Fri, 10 August 2018|Security| Page Views : 63

අලුත් පුවත්
වාලම්පුරියක් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට
ජාතික හැඳුණුම්පතට රුපියල් 100ක ගාස්තුවක්
විපක්ෂ නායක ධූරය වෙනසක් කරන්න බෑ
පෙරහැර නිසා විශේෂ රථ වාහන සැලැස්මක්
පළාත් කිහිපයකට අද තද වැසි
දුම්රිය වර්ජනය තවදුරටත්
මාධ්‍ය තර්ජන ගැන කල් තැබීමේ විවාදය අද
පාර්ලිමේන්තු පාර වැසේ
 
කොටි සංවිධානය යළි නඟාසිටුවිය යුතු බවට ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කළ හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය අද(10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පොලීසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ පනස් නවයක් සටහන් කරගෙන ඇති බවයි.

ඒ අතර මැති ඇමැතිවරුන් 6 දෙනෙකු රාජ්‍ය නිලධාරීන් 14 ක් සහ මාධ්‍යවේදීන් තිස් දෙනකු ඇතුළත් වන බව ද පොලිසිය සිය වාර්තාවෙන් අධිකරණයට දන්වා තිබේ.

සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර වාර්තා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවත් නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරු නඩුව සඳහා කැදවීමේ දිනයක් ලබා දෙන මෙන් ද පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම් පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පැමිණිල්ල නැවත ඔක්තෝම්බර් මස 19 වනදා කැඳවීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන්ද පොලීසියට නියම කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න