Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හැකර් ප්‍රහාරයකින් ලොව පුරා ATM යන්ත්‍ර ක්‍රියාවිරහිත වෙයි

|Fri, 17 August 2018|Security| Page Views : 119

අලුත් පුවත්
පැය 18 ක ජල කප්පාදුවක්
යාපනයේ දි මෝටර් රථයක් ගිනි ගනී
පනත් දෙකකට කතානායකගේ අත්සන !
හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න
 
ලෝකය පුරා බැංකුවල ක්‍රියාත්මක ඒ.ටී.එම්. යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීමට ලොව සියලු ප්‍රදේශයකම බැංකු කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකානු එෆ්.බී.අයි. රහස් ඔත්තු සේවය මඟින් අනාවරණය කරගන්නා ලද කරුණු අනුව ලොව පුරා බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍රවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට කරන ලද අනතුරු ඇඟවීමක් මත එලෙස ඒ.ටී.ම්. යන්ත්‍ර ක්‍රියාවිරහිත කර තිබේ.

එෆ්.බී.අයි. රහස් ඔත්තු සේවය අනතුරු අඟවා දිනක් යන්නට පෙර ලොව පුරා හැකරුන් ඒ.ටී.ම්. යන්ත්‍ර දහසය දහසක පරිගණක වෙත ඇතුළු වී පරිගණක ජාල හරහා රටවල් තිහක පමණ බැංකුවලින් පවුම් මිලියන පහළොවකට ආසන්න ප්‍රමාණයක් හුවමාරු කරගෙන ඇති බවද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එෆ්.බී.අයි. ආයතනය අනාවරණය කරගෙන ඇති තොරතුරුවලට අනුව ‘ඒ.ටී.එම්. කෑෂ් අවුට්’ නමැති ජාත්‍යන්තර මූල්‍ය ජාවාරම් සඳහා ප්‍රසිද්ධ සංවිධානය එම සයිබර් ප්‍රහාරය සැලසුම් කර ඇත.

මෙම ප්‍රහාරයන් ඉදිරි දින කිහිපය තුළද සිදුවිය හැකි බවද එයින් ලොව පුරා විශාල ඒ.ටී.ම්. යන්ත්‍ර ප්‍රමාණයකට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයිද එෆ්.බී.අයි. රහස් ඔත්තු සේවය පෙන්වා දෙයි.

ලොව පුරා බැංකු වෙත සියලු ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස දැනුම්දී ඇති බවද වාර්තා අනාවරණය කරයි.

පරිගණක විද්‍යාඥයන් ප්‍රකාශ කරනුයේ ඒ.ටී.ම්. යන්ත්‍ර සම්පූර්ණයෙන් අකාර්යක්ෂම කිරීමක් අවශ්‍ය නොවන බවය. ඒ සඳහා ආරක්ෂක පියවර ලෙස ඒ.ටී.ම්. යන්ත්‍ර සඳහා හඳුන්වාදී ඇති ස්වයං විද්‍යුත් ආරක්ෂක අගුළු ක්‍රමය හෝ විද්‍යුත් ආරක්ෂක අගුළු යාවත්කාලීන කිරීම සිදු කළ හැකි බවය.

හැකරුන් ඇතුළු වී ඇති ඒ.ටී.ම්. යන්ත්‍රවලින් වැඩි ප්‍රමාණයක් ආසියාතික සහ යුරෝපාකරයේ රාජ්‍යයන්හි බව පරිගණක විද්‍යාඥයන් හඳුනාගෙන ඇතැයිද ඔවුන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයකින් කළ විමසීමකදී එවැනි අවදානමක් නොමැතිබව දැනගන්නට ලැබිණි. විශේෂයෙන් හැටන් නැෂනල් බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව හා සම්පත් බැංකුව තම බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍රවලට එවැනි ප්‍රශ්නයක් උද්ගත වී නොමැති බව සඳහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න