Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බුද්ධි අංශ නිලධාරීන්ට විශේෂ පුහුණුවක්

|Fri, 17 August 2018 |Security| Page Views :

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් එම පුහුණුව ලබාදීමට නියමිත බවයි.

බුද්ධි අංශයේ සිටි බන්ධනාගාර නිලධාරීන්ගෙන් අක්‍රමිකතාවලට සම්බන්ධ නොවු බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇති නිලධාරීන් අනුයුක්ත කර නව පොලිස් ඒකකයක් වැලිකඩ බන්ධනාගාරයේ ස්ථාපිත කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එම ඒකකයට අනියුක්ත නිලධාරීන් 100 දෙනෙකු සඳහා මෙම විශේෂ පුහුණුව ලබාදීමට නියමිත වේ.

අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ, කොටස් වශයෙන් එම පුහුණුව සඳහා අදාළ නිලධාරීන් යොමු කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නිව්ස්ෆසට් පොලිස් විශේෂ කාර්ය බලකායෙන් විමසීමක් කළේ ය.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එම පුහුණුව ලබන සඳුදා සිට ආරම්භ කරන බවයි.

ඒ අනුව සති දෙකක පුහුණු කාලයක් එම නිලධාරීන්ට ලබා දෙන බව ද එම නිලධාරියා සඳහන් කළේ ය.

මේ අතර පසුගිය දා වැලිකඩ බන්ධනාගාර වහලයක් මත නැග විරෝධතාවයේ නිරත කාන්තා රැඳවියන්ගේ ගැටලු විසඳීම සඳහා සියලු අංශ සමග සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇතැයි අධීකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසිය හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවය.

නිසි ක්‍රමවේදය යටතේ, එම රැඳවියන්ට අදාළ නඩු කටයුතු සිදු කිරීමට පියවර ගනිමින් ඇතැයි ද එම ප්‍රකාශකයා පැවසුවේ ය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න