Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගල්කිස්ස "භූකා භූකා" සාදය පැවැත්වූ තිස්දෙනෙක්ට වැඩ වරදි

|Tue, 21 August 2018|Security| Page Views :

ගල්කිස්ස හෝටලයක් පිටුපස පැවැත් වූ වෙරළ සාදයකදී විවිධ මත්ද්‍රව්‍ය පාවිච්චි කළ බව කියන තරුණ තරුණියන් තිස් දෙනෙකුට ආසන්න පිරිසක් 19 රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට පත්වූවන් අතර තරුණියන් පස් දෙනෙකු සිටින බව පොලිසිය කියයි. පොලිස් විශේෂ කාර්ය බළකාය හා ගල්කිස්ස පොලිසිය ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස සමග මත්පෙති, ගංජා, නීති විරෝධී දුමිවැටි. මුද්දර නමින් හදුන්වන මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මෙම පිරිස සමග පොලිසිය බාරයට ගෙන ඇත.

මුහුණු පොත හරහා සංවිධානය කර තිබූ මෙම සාදය "භූකා භූකා" ලෙස නම් කර තිබි ඇති අතර සාදය සඳහා සහභාගි වීමට රුපියල් දෙදහස් පන්සියයක මුදලක් අය කර ඇති අතර ඇතුළු වීමෙන් පසු විවිධ මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබූ බව ද පොලිස් නිලධාරියෙක් පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ හා ගල්කිස්ස පොලිසියේ නිලධාරින් වෙස්වලාගෙන සාදයට සහභාගිවූවන් සේ ඇතුළු වී වැටලිම කළ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

අත්අඩංගුවට පත්වූවන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කර තිබේ. ගල්කිස්ස පොලිසිය පරික්‍ෂණ පවත්වයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න