Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

'Facebook' සහ 'Instagram' ගිණුම්වල රැඳී සිටින කාලය සීමා කිරීමේ උපාංගයක් හඳුන්වා දෙයි

|Fri,24 August 2018|Miscellaneous| Page Views :


පුද්ගලයෙකු සිය ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් ගිණුම තුළ ගත කරන කාලය සීමා කිරීම සඳහා එකී මෘදුකාංගවලට නව උපාංගයක් එක් කර තිබේ.

ඕනෑවට වඩා සමාජ ජාල පරිහරණය කිරීම මානසික සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන අවධානය යොමු වීමත් සමග, ෆේස්බුක් ආයතනය විසින් මෙම නව උපාංගය හඳුන්වාදීමට කටයුතු කර ඇත.



මෙම උපාංගය ඔස්සේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයන්ට සිය ගිණුම තුළ රැඳී සිටි කාලය දැනගත හැකිය. එමෙන්ම, තමන්ගේ ගිණුමේ ගත කළ යුතු කාල සීමාව ආසන්න බව සිහිගැන්වීමේ සංඥාවක් ඇතුළත් කර තැබිය හැකි අතර, ගිණුමේ දැක්වෙන 'දැනුම්දීමේ සලකුණු' (notifications) යම් කාලයකට ඉවත් කර තැබිය හැකිය.

නමුත් මෙමගින් සම්පූර්ණයෙන්ම තත්වය පාලනය වීමක් නොවන බව සමහරුන්ගේ මතයයි.

"මම හිතන්නේ නැහැ මෙය විප්ලවීය වෙනසක් හෝ මේ නිසා බොහෝ පුද්ගලයන් ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් පාවිච්චි කරන එක වෙනස් කරයි කියලා," ඔක්ස්ෆර්ඩ් අන්තර්ජාල ආයතනයේ ග්‍රාන්ට් බ්ලෑන්ක් (Media) වෙත පැවසීය.

"මම හිතන්නේ මෙය ඔවුන්ගේ ආයතනයේ අභිරුචිය වන, හැකි තාක් මිනිසුන් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල කාලය ගත කිරීම සහ දැනුම්දීමේ සලකුණු කරදරයක් ලෙස සලකන පුද්ගලයන්ට පිළිතුරුදීම අතර සමතුලනය කර ගැනීමට දැරූ උත්සාහයක්."



ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල "Your Activity" සහ ෆේස්බුක් ගිණුම්වල "Your Time on Facebook" ලෙස සඳහන් තීරුව ඔස්සේ ගොස් කාලය සීමා කිරීමේ උපාංගය ක්‍රියාත්මක කර ගත හැකිය

2017 දෙසැම්බර් මාසයේ ෆේස්බුක් සමාගම පළ කළ ලිපියක පරිශීලකයෙකු සිය ගිණුම තුළ වැඩි කාලයක් ගත කිරීමෙන් ඇතිවන නිශේධනීය බලපෑම පිළිබඳ දක්වා තිබිණි.

මිචිගන් විශ්වවිද්‍යාලයේ සිසුන් සහභාගි කරගෙන සිදු කළ සමීක්ෂණයකදී හෙළි වූයේ, මිනිත්තු 10ක් ෆේස්බුක් ගිණුම්වල ඉහළ පහළ ගොස් එහි ඇති දෑ නැරඹූ සිසුන් දිනය අවසාන වන විට "ඉතා නරක මානසික තත්වයකින්" සිටි අතර, සිය ගිණුමේ නොයෙක් දෑ පළ කරමින්, මිතුරන් සමග සාකච්ඡා කළ සිසුන් වඩාත් ක්‍රියාශීලීව කටයුතු කරමින් සිටි බවය.

සිය මිතුරන් ගැන සමාජ ජාල ඔස්සේ සොයා බැලීම "දවස පුරා සිදු කරන කාර්යක්" බව, ජීවන ක්‍රම ගැන ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ සිය අදහස් බෙදා ගන්නා විසිහතර වියැති 'එම් ෂෙල්ඩන්(Em Sheldon)



"මගේ රැකියාවේ කොටසක් වුණත් එය ප්‍රශ්නයක් බවට පත් වී ඇතැයි මම සිතනවා. මොකද, අපි ජංගම දුරකතනයේ සහ සමාජ ජාලවල වහලුන් බවට පත් වෙලා."

"මට විවේක කාලයක් ලැබුණ ගමන් කරන්නේ සමාජ ජාල ගිණුමේ ඉහළ පහළ යන එක."

"සමාජ මාධ්‍ය ජාලවල මම දවසේ පැය 24 සහ සතියේ දවස් හතම ගත කරනවා. මම හිතන්නේ මෙය කාලයක් තිස්සේ මට ඇතුළු වෙලා, දැන් පුරුද්දක් බවට පත් වෙලා කියලා," යැයි ඇය පැවසීය.

නව උපාංගය භාවිතයෙන් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් තුළ රැඳෙන කාලය අවම කර ගත හැකි දැයි ඇයගෙන් විමසූ විට, "මම දන්නේ නැහැ එය උදව්වක් වෙයිද කියලා. එයට හේතුව තමයි, මම දන්නවා මම සමාජ මාධ්‍ය ජාල පරිහරණය කරනවා වැඩියි," යනුවෙන් ඇය පිළිතුරු දුන්නාය.



නමුත් කාලය පිළිබඳ සිහිගැන්වීමේ සංඥාවක් නිකුත් කිරීම ඵලදායී බව ඇය පිළිගත්තාය.

"මගේ ජංගම දුරකථනය ඉවතින් තැබීමට කාලය බව එයින් මට මතක් කරලා දෙන්න පුළුවන්."

"යම් සංඥාවක් නිකුත් වුණොත්: 'ඔබ පැය හයක් සමාජ ජාල ගිණුම භාවිතා කරමින් සිටිනවා' කියලා, මට හිතෙයි, 'ඒක කොච්චර ලොකු කාලයක්ද. මගේ කාලය කොපමණ නාස්ති වෙලාද' කියලා," එම් ෂෙල්ඩන් තවදුරටත් පැවසුවාය.

"දිනකට පැය පහළොවක් ට්විටර් භාවිත කළා"

'ද ගෝට් ඒජන්සි' (The Goat Agency) නම් ඩිජිටල් වෙළෙඳ ආයතනයේ සම ආරම්භක හැරී හියුගෝ පැවසුවේ මෙම නව උපාංගය හඳුන්වා දීම "බොහෝ කාලයක සිට සිදු වෙමින් පවතිනවා," යනුවෙනි.

Next stop Berlin 🇩🇪✈️

60 Likes, 3 Comments - Harry Hugo (@harryhugo) on Instagram: "Next stop Berlin 🇩🇪✈️"



"සමාජ ජාල තුළ වැඩි කාලයක් ගත කරන තරුණ පිරිස අතර වැඩිවෙමින් තිබෙන මානසික ගැටලු නිසා අපි මේ වගේ දෙයකින් සීමා වෙන එක හොඳයි."

"ඔවුන්ට වැටහෙනවානම් දවසේ පැය ගණනාවක් සමාජ ජාලවල රැඳී ඉන්නවා කියලා. ඔවුන් තව වරක් මේ ගැන සිතන්න පෙලඹෙයි," ඔහු තවදුරටත් පැවසීය.

හැරී හියුගෝ පාසල් සිසුවෙකු ලෙස සිටියදී දිනකට පැය 15ක් හෝ 16ක් ට්විටර් ගිණුමේ ගත කර තිබේ. "ඒ ගැන නැවත සිතා බලද්දී, මට විශ්වාස කරන්න බැහැ එය කෙතරම් සෞඛ්‍යයට හානිකරද කියලා," හැරී හියුගෝ පැවසුවේය.

කෙසේවෙතත්, සමාජ මාධ්‍ය ජාල භාවිතය පිළිබඳ සීමා පනවාගැනීම එහි පරිශීලකයන්ගේ පෞද්ගලික වගකීමක් බව ද ඔහු පැවසුවේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න