Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මන්නාරමේ නිවසට පැමිණි අමුත්තා

|Thu, 06 September 2018|Security| Page Views :

මන්නාරම,සින්නකඩෙයි ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි කිඹුලෙකු අල්ලාගත් බව සින්නකඩෙයි ප්‍රදේශවාසීන් පවසයි.

ප්‍රදේශවාසීන් පැවසූ‍වේ පෙරේදා(04) රාත්‍රියේ නිවසේ ඇති කළ බල්ලන් බුරන ශබ්දයක් ඇසී නිවැසියන් එළියට පැමිණ බලන අවස්ථාවේ කිඹුලා ගෙවත්තට පැමිණ සිටි ආකාරය දන්කට ලැබුණ බවයි.

අනතුරුව ප්‍රදේශවාසීන් එක්ව කිඹුලා අල්ලා ඇති අතර, අනතුරුව මන්නාරම පොලිස් නිළධාරීන් හා වනජිවි නිළධාරීන් දැනුවත් කළ බවයි.

මන්නාරම වනජිවි නිළධාරීන් පැවසූවේ අඩි හයක පමණ දිගින් යුතු හැළ කිඹුලෙකු ‍එලෙස අදාළ ගෙවත්ත වෙත පැමිණ සිටි බවයි.

අසළ ජලය පිරි කුඩා වැවක් පවතින අතර,අදාළ වැවේ ජලය සොයාගෙන පැමිණි කිඹුලෙකු එලෙස ගෙවත්ත වෙත පැමිණෙන්නට ඇති බවද වනජිවි නිලධාරීන් පැවසීය.

අල්ලාගත් කිඹුලා මන්නාරම රක්ෂිතයේ ජල පෝෂක ප්‍රදේශයක් වෙත මුදා හැරීමට කටයුතු කළ බවද වනජිවි නිලධාරීන් පැවසූහ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න