Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සුමන්දිරන්ට ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමට ඉඩක්

|Mon, 10 September 2018|Security| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“මාධ්‍ය ප්‍රකාශක වරයා ලෙස සුමන්දිරන් හට ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමට අප ඉඩ ලබා නොදෙන්නෙමු” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් ප්‍රකාශ කර ඇත.

දෙමල ඊලාම් විමුක්ති සංවිධානය මධ්‍යම කමිටු රැස්වීම වව්නියාව පිහිටි පක්‍ෂ කාර්යාලයේදී 2018.09.08 වන දින පවත්වා ඇත. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. “මාධ්‍ය ප්‍රකාශක වරයා ලෙස සුමන්දිරන්ට ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමට අප ඉඩ ලබා නොදෙන්නෙමු. දෙමල ජාතික සන්ධානය වෙනුවෙන් ඔහු අදහස් දැක්වීය යුතුයි. ඔහු සිතන අදහස දෙමළ ජාතික සන්ධානයේ අදහසක් බවට ප්‍රකාශ කිරීම නොකළ යුතුයි. ඒ සම්බන්ධයෙන් අප ඔහුට අවධාරණය කර ඇත.

නමුත්, ඔහුගේ අදහස් දෙමළ ජාතික සන්ධානයේ අදහසක් ලෙස වන විට එම අදහස අප සියළුදෙනා විසින් පිළිගැනීමට හැකි අදහසක් ලෙස තිබිය යුතුය. මෙවැනි පසුබිමකදී, දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් ඔහු ඔහුගේ සිය කැමත්තට අනුව අදහස් දැක්වීම යහපත් නොවන කරුණකි” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න