Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි

|Tue, 11 September 2018|Security| Page Views : 58

අලුත් පුවත්
රියුනියන් යන්න ගිය 88ක් කොටු වෙයි
රාජ්‍ය නායකයින් දෙදෙනාගේ හමුවට සියල්ල සුදානම්
කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්
වසර 17 කට පෙර ලොවම සසල කල මහා ඛේදවාචකය
ලෝටස් පාර තාවකාලිකව වැසෙයි
මිල සූත්‍රය පාසල් ප්‍රවාහනයටත් එයි
Thundershowers will occur at a few places
සංවර්ධන නිලධාරීන් සංඛේත වැඩ වර්ජනයක
 
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව වාර්තා වේ. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මෙන්ම මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් මේ මස 15 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භවීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට සුදුසු තත්ත්වයක නොසිටින බව වාර්තා විය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකො යන රටවල් 6 සහභාගීත්වයෙන් පැවැත්වෙන 14 වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තව ත් ඇත්තේ දින 5 ක් පමණි.

ඒ සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා සංචිතය සැප්තැම්බර් මස පළමු වැනිදා නිකුත් කළ අතර ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතය සඳහා දිනේෂ් චන්දිමාල් ඇතුළත්ව සිටියේ ය.

නමුත් පසුගිය දා නිමාවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුර කොළඹ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් උඩ පන්දුවක් රැක ගැනීමට යෑමේදී පන්දුවක් අතේ වැදීම නිසා අබාධයකට ලක් විණි.

ඊයේ දිනයේදී චන්දිමාල්ගේ තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර ඇති අතර එහිදී ඔහු ක්‍රීඩා කිරීමට සුදුසු මට්ටමක නොසිටින බව අනාවරණය වී තිබේ.

ඒ අනුව කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලව දිනේෂ් චන්දිමාල් වෙනුවට ආසියානු කුසලානය සඳහා පිටව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙන බව වාර්තා වේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න