Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වියළි කාලගුණයෙන් ජනතාවට බලපෑම්

|Wed, 12 September 2018|Security| Page Views : 119

අලුත් පුවත්
අධිෂ්ඨාන පා ගමනක් !
විදේශිකයන් ලංකාවේ පදිංචි කරලා නෑ ?
මත්ස්‍යයින් තබාගත් විදෙස් ජාතිකයාට වැඩ වරදියි
යුද හමුදාවෙන් තවත් මානුෂීය මෙහෙයුමක්
උපාධිධාරී රාජ්‍ය නිලධාරීන් වැඩ වර්ජනයක
පොලිස් ජිප් රථයත් හොරු අරන්
දැල්පන්දු ශුරියෝ දිවයිනට එති
ගෑස් ටැංකියක් පුපුරා නයිජිරියාවේ 35 ක් මරුට
 
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 05 කට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 16293කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී ඇති බව පොලොන්නරුව ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂවරයා පවසයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ වියලි කාලගුණික තත්ත්වය ලබන ඔක්තෝබර් දක්වා පැවැතිය හැකි බවයි.

එම දිස්ත්‍රික්කයට බලපා ඇති වියළි කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ වැලිකන්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයටයි.

එම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයන් 13319ක් පීඩාවට පත්ව සිටියි.

නියඟය බලපා ඇති පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 05 තුළ ඇති පාසල් 8ක ළමුන් 2625ක් නිඟය හේතුවෙන් පීඩාවට පත්ව තිබේ.

ඊට අමතරව පොලොන්නරු දිස්ත්‍රික්කයේ දිඹුලාගල, හිගුරක්ගොඩ, මැදිරිගිරිය, ඇලහැර යන ප්‍රාදේශය ලේකම් කොට්ඨාශවලට ද වියළි කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

පොලොන්නරුව දිස්ත්‍රික්කට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පොලොන්නරුව ආපදා කළමනාකරණ කාර්යාල මඟින් වතුර බව්සර් අටක් යොදා ගෙන දිනකට වතුර ලීටර් එක්ලක්ෂ හාරදහසක් පමණ බේදා හරින බව වාර්තා වෙයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න