Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මැජික් බෝලයෙන් හොරෙක් අහුවෙලා

|Wed, 12 September 2018|Security| Page Views : 52

අලුත් පුවත්
නැතිවූ දුරකතනය සරම ඇතුළෙන් නාදවෙලා
ඉන්දීය ක්‍රීඩිකාවෝ විශිෂ්ට ජයකින් තරගාවලියට අවතීර්ණ වෙති
එංගලන්ත කණ්ඩායමට විශිෂ්ට ජයක්
ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් නතර වෙයි
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 32 ක් මරුට
පාකිස්ථාන හිටපු අගමැතිගේ බිරිඳ මියයයි
හෙරොයින් සමඟ 2 ක් අත්අඩංගුවට
වියළි කාලගුණයෙන් ජනතාවට බලපෑම්
 
දේවාල පෙරහරක් නිමිතිකොට පැවති වෙළඳ කඩ පේලියේ කඩයකින් ලබාගත් කුඩා සෙල්ලම් බෝලයක් නිසා ගෙදරට පැමිණි හොරකු අල්ලා ගැනීමට හැකිවීමේ පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබිණි.

තම කුරුඳු ඉඩමෙන් ලබාගත් රුපියල් ලක්ෂ දෙකක පමණ කුරුඳු තොගයක් විකුණූ ඉඩම් හිමියා මෙම දේවාල පෙරහරට ගියේ තම කුඩා දරුවාද සමගය. එහි වූ වෙළඳසලක විකිධෑමට තිබූ කුඩා බෝලයක් ඉල්ලා දරුවා කරදර කරනවිට ඔහු එම බෝලය දරුවාට ලබාදුන්නේ සුළු මුදලක් ගෙවීමෙනි.

මිරිකන විට වර්ණවත් ආලෝකය විහිදෙන එම බෝලයෙන් ඒ සමගම මහ හඬක් නැගෙන නිසා ඊට ආශා කළ දරුවා ගෙදරදීත් මහත් වින්දනයක් ලැබීය. එදින මහ රෑ එම බෝලය මහත් හඬක් නංවා එළිය නිකුත් කළෙන් කලබලවූ ගෙහිමියා විදුලිය දැල්වීමේදී පැන යාමට තැත් කළ හොරකු අල්ලා ගැනීමට ඔහු සමත් විය.

කරුණු සෙවීමේදී පෙනී ගියේ කරුවලේ ආ හොරාට මේ බෝලය පෑගීම නිසා එය වර්ණවත් එළිය විහිදුවමින් හඬ නැගී ඇති බවලු.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න