Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බස් ගාස්තු සංශෝධනයක්?

|Wed, 12 September 2018|Security| Page Views :

ඉන්ධන මිල වැඩී වීමත් සමඟ ඉදිරියේදී බස් ගාස්තු සංශෝධනයක් හෝ ඉන්ධන සහනාධාරයක් ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ බස් ගාස්තු සියයට 10කින් ඉහළ නැංවිය යුතු බව බස් සංගම් ඊයේ(11) දිනයේදී සඳහන් කළේය.

බස් ගාස්තු සංශෝධනය කිරීමට රජයට දින 03 ක කාලයක් ලබාදෙන බව එහිදී ඔවුන් ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගෙන් විමසීමක් කල අතර එහිදී ඔහු කියා සිටියේ, බස් ගාස්තු ඉහළ දැමීමක් මීට පෙර ඉන්ධන මිල වැඩිවීම මත සිදු කල බවත්, ඒ අනුව නැවත වතාවක් බස් ගාස්තු වැඩි නොකරන බවට පැවසු බවයි.

එහෙත් දෙවතාවක් මේ වන විට ඉන්ධන මිල වැඩි කර ඇති බැවින්, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කියා සිටින්නේ දැන් තිබෙන තත්ත්වය මත සියයට 5ක වැඩිවීමක් සිදු කළ යුතු බව ද ඔහු පැවසීය.

එසේත් නොමැති නම් බස් ගාස්තු වැඩිවීමක් කරනවා ද නැතිනම් පොදු ප්‍රවාහනයට යම් ඉන්ධන සහනාධාරයක් ලබා දෙන්නේ ද යන්න පිළිබඳ සාකච්ඡා කළ යුතු බව ද කියා සිටි අශෝක් අබේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ, මංගල සමරවීර මහතා විදෙස් ගතව ඇති බැවින් මෙරටට පැමිණි පසු මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න