Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අග්‍රාමාත්‍යවරයා සම්බන්ධන්ට ප්‍රකාශ කළ රහස!

|Wed, 12 September 2018|Security| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඉන්දීය රජය පිළිබඳව විශ්වාස කරමින් සිටියි. ඉන්දීය රජය, අපව ආරක්‍ෂා කරන බවට විශ්වාසයක් අපගේ සිත් තුල ඇත” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක මෙන්ම විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

මෙරටේ සිට ඉන්දියාවේ සංචාරයක නිරතවී සිටින සියළු පක්‍ෂවල මන්ත්‍රීවරු කණ්ඩායම 2018.09.10 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය න‍රේන්ද්‍ර මෝදි හමුවී ඇත. එම අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“යුද්ධය හේතුවෙන්, විනාශයට පත්වූ උතරු සහ නැගෙනහිර ප්‍රදේශයේ සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය විසින් විශාල වශයෙන් උදව් උපකාර කරමින් සිටියි. එයට අප ස්තූතිය පුදකරන්නෙමු. දේශපාලන විසඳුම් සම්බන්ධයෙන් විශාල වශයෙන් ඉන්දීය රජය අවධානය යොමුකළ යුතුය. ශ්‍රී ලංකා රජයට අඛණ්ඩව බලපෑම් කළ යුතුය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථීර දේශපාලන විසඳුමක් අප බලාපොරොත්තුවෙන් සිටින්නෙමු. අර්ථවත් බලය බෙදාදීමක් සමඟ එම විසදුම සකස් විය යුතුය.

ශ්‍රී ලංකාවේ වත්මන් පාලනය අප බලාපොරොත්තුවෙන් සිටින කරුණු ඉටුකරමින් සිටියත්, එය ප්‍රමාද වනු ඇත. මෙයට පිළිතුරු ලබාදුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ‘අපව විශ්වාස කරන්න. අප සැමදා ඔබ සමඟ සිටියි. ශ්‍රී ලංකා රජය ප්‍රමාද නොවී, විසඳුම ලබාදිය යුතුය. 2017 මැයි මස ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත්තෙමු’ යන්න ප්‍රකාශ කරන ලදි” යනුවෙන් ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න