Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බෞද්ධ සාහිත්‍ය උළෙල අද

|Fri, 14 September 2018 |Security| Page Views : 60

අලුත් පුවත්
දුම්පානය කිරීමට සහ මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව වව්නියාවේදී උද්ඝෝෂණයක් !
විශේෂ සභාවාරයක් පැවැත්වීමට තීරණයක්
ඇපල් සමාගමේ අලුත්ම iPhone මෙන්න!
දෙමව්පියෝ බොරු කළොත් දරුවා පාසලෙන් ඉවතට
මතගැටුම පිහි ඇණුමකින් කෙළවර වෙයි
Australian Meeting with Sri Lankan Coconut Products Exporters
නියඟයෙන් පීඩිත පවුලකට මසකට 5000 ක්
ලොකු ලූනුවලට සතොසෙන් මිලක්
 
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 12 වෙනි වරටත් සංවිධානය කරනු ලබන බෞද්ධ සාහිත්‍ය උලෙළ අද (14) ප.ව 2.30 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

මෙම උත්සවය සඳහා ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක ස්වාමින්වහන්සේගේ මූලාසනයෙන්, බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ හා උසස් අධ්‍යාපන ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙයි.

මෙම උලෙළ දි සංස්කෘතික අංග මෙන්ම 2017 වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ බෞද්ධ ග්‍රන්ථ, පද්‍ය, සඟරා කලා විශිෂ්ට නිර්මාණ ඇගයිම සඳහා ඒවා රචනා කළ සංස්කරණය කළ විද්වතුන් වෙත ප්‍රණාම පිරිනැමිමක් සිදු කිරීමටනියමිතයි.

බෞද්ධ ශාස්ත්‍රීය,පර්යේෂණ ,පරිවර්තන,සංස්කරණ,දේශන,වැනි කේෂ්ත්‍රයන් වෙත කරන ලද අද්විතීය සේවය අගයමින් ආචාර්ය එඩ්වින් ආරියදාස විද්වතාණන්ට මහාචාර්ය ගුණපාල මලලසේකර සම්මානයෙන් පිදුම් ලබන අතර සිය දිවිම මඟෙහි බොදු සිතුවම් ඉදිරිපත් කිරීමෙන් සිදු කරන ලදි.

අනභිභවනීය මෙහෙවර අගය කරමින් සුනිල් වීරකුමාර මහතාට සොයිලියස් මැන්දිස් සම්මානයෙන් පිදුම් ලබන බව බෞද්ධ සාහිත්‍ය කෘති නිරික්ෂණ කමිටුවේ ප්‍රධානි ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතා පැවසිය.

මෙයට අමතරව සිංහල ප්‍රකාශන 14ක් හා එක ඉංග්‍රීසි ප්‍රකාශනයක් සඳහා සම්මාන පිරි නැමීමට නියමිතය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න