Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මානව හිමිකම් සැසිවාරයේ 05 වන දිනය අද

|Fri, 14 September 2018|Security| Page Views :

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ 39 වන සැසිවාරයේ 05 වන දිනය අදයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක වාර්තා පිළිබඳ මේ දිනවල සාකච්ඡාවට ලක් වෙයි.

ඒ අනුව ඊයේ(13) දිනයේ පැවැති සාකච්ඡාවකදී නව මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ඇමෙරිකාව, සෞදි අරාබිය, ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවල මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පළ කර තිබේ.

සරණාගත පවුල් වෙන්කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිපත්ති ඇය විසින් හෙලාදැක ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය විසින් යේමනයේ සිවිල් වැසියන් වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරිම සම්බන්ධයෙන් ද මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලෙට්ගේ අවධානය යොමුව තිබේ.

කාශ්මීරයේ මානව අයිතිවාසිකම් කඩවිම සම්බන්ධයෙන් ඉන්දියාව සහ පාකිස්ථානය අර්ථාන්විත ක්‍රියාමාර්ග ගත යුතු බව ඇය ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.

39 වන මානව හිමිකම් සැසිවාරය ලබන 28 වන දින දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙයි. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වන සැසිවාරය මේ මස 18 වනදා ආරම්භ වෙයි. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඇමෙරිකාව බලා පිටත්වයාමට නියමිතයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න