Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොදු ප්‍රවාහනය මගී ජනතාවගේ ප්‍රසාදයට පත්විය යුතු සේවාවක් කළ යුතුයි

|Fri, 14 September 2018|Security| Page Views :

රටේ පොදු ප‍්‍රවාහන සේවාව මඟි ජනතාවගේ ප‍්‍රසාදයට හේතු වන සේවාවක් බවට පත්කිරීම අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමා පෙන්වා දෙනවා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව පෙන්වා දුන්නේ පොදු ප‍්‍රවාහන සේවාවේ ගුණාත්මක භාවය ඉහළ නංවමින් විධිමත් ප‍්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාම පිළිබඳ ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදී ය.

ගුණාත්මක පොදු ප‍්‍රවාහන සේවාවක් රටට හඳුන්වාදීම වෙනුවෙන් 2016 වසරේදි ආරම්භ කරන ලද සහසර නියමු ව්‍යාපෘතියේ ප‍්‍රගතිය සහ ඉදිරියේ දී වඩාත් ගුණාත්මක ප‍්‍රවාහන සේවාවක් දීප ව්‍යාප්තව නිර්මාණය කිරීම වෙනුවෙන් ඒ මඟින් ලබාගත හැකි මගපෙන්වීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

රටේ පොදු ප‍්‍රවාහන සේවය බලගැන්වීම මගින් විකල්ප ප‍්‍රවාහන මාධ්‍ය වෙත යොමුවී සිටින මගීන් නැවත පොදු ප‍්‍රවාහන සේවය වෙත නැඹුරු කර ගැනීමත් එමඟින් රටේ මාර්ග තදබදය අවම කිරීමත් මගීන්ගේ සුරක්ෂිත බව තහවුරු කිරීමත් ඇතුළු පොදු ප‍්‍රවාහනයල මහජන හිතකාමී යාන්ත‍්‍රණයක් බවට පත්කර ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා නිලධාරින්ගේ අවධානය යොමු කළේය.

ප‍්‍රවාහන ගැටලුව රටේ ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් සිදුකරන අතර කලටල වේලාවට ගමනක් බිමනක් යාමට නොහැකිවීම, බස් රථ තුළ අධික තදබදය මෙන්ම වෙහෙසට පත්වීම මාර්ග තදබදය, විනයගරුක සේවාවක් නොලැබීම යන මගීන්ට බලපාන කරුණු මෙන්ම බස් හිමියන්ගේ ආදායම අඩුවී ඔවුන් අතර තරඟකාරී බවක් ඇතිවීම මෙන්ම බස් සේවකයන්ට වෘත්තීය ගරුත්වයක් නොලැබීම වැනි කරුණු ගණනාවක් එමඟින් මතුවී ඇත.

2008 වසරේ දී මුළු මගී සංඛ්‍යාවෙන් 65‍% ක් පොදු මගී බස් රථ භාවිතා කළ ද මේ වන විට එය 40‍% දක්වා පහළ බැස ඇති බව සමීක්ෂණවලින් හෙළි වී තිබේ. එසේ වී ඇත්තේ පොදු ප‍්‍රවාහනයේ තිබෙන ගැටලු හේතුවෙන් මගීන් දිනෙන් දින විකල්ප තෝරාගැනීම්වලට නැඹුරුවීම නිසා බව ද එම සමීක්ෂණ වාර්තා සනාථ කර තිබේ.

මෙම තත්ත්වය වෙනස් කරමින් වඩා කාර්යක්ෂම සහ විධිමත් පොදු ප‍්‍රවාහන සේවාවක් රට තුළ ඇති කිරීම පිළිබඳ මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.

අමාත්‍ය පාඨලී චම්පික රණවකල නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න