Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට කංසා වගාව

|Fri, 14 September 2018|Security| Page Views : 114

අලුත් පුවත්
පොදු ප්‍රවාහනය මගී ජනතාවගේ ප්‍රසාදයට පත්විය යුතු සේවාවක් කළ යුතුයි
මානව හිමිකම් සැසිවාරයේ 05 වන දිනය අද
ගෘහස්ත සුර්ය බලාගාර දස ලක්ෂයක්
බෞද්ධ සාහිත්‍ය උළෙල අද
දුම්පානය කිරීමට සහ මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව වව්නියාවේදී උද්ඝෝෂණයක් !
විශේෂ සභාවාරයක් පැවැත්වීමට තීරණයක්
ඇපල් සමාගමේ අලුත්ම iPhone මෙන්න!
 
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කංසා වගා කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

රස බෙහෙත් නිෂ්පාදනයට ද කංසා ලබා ගැනීමට, නව වැඩපිළිවෙළක් අරඹන බවයි, අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඔහු මේ බව කියා සිටියේ පළාත් දේශීය වෛද්‍ය අමාත්‍ය සමුළුවට ඊයේ එක්වෙමින්. කැනඩාව, මහ බ්‍රිතාන්‍ය යන රටවල් කංසා සඳහා තිබූ තහනම මේ වන විට ඖෂධ නිෂ්පාදනය සඳහා ඉවත් කර තිබෙනවා.

කැනඩාව ඇතුළු රටවල් රැසක් පර්යේෂණ සිදුකරමින් කංසා මගින් ඖෂධ නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබෙනවා. ආයුර්වේද කේෂ්ත්‍රය සඳහා අවශ්‍ය රස බෙහෙත් නිෂ්පාදනයට කංසා සහ අබිං හිඟවීම ගැටලුවක් බවයි, අමාත්‍යවරයා මෙම සමුළුවේ දී ආයුර්වේද වෛද්‍යවරුන්ට පෙන්වා දුන්නේ.

අනවසර ලෙස කංසා වගා කර ඇති භූමි වටලා පොලීසිය විසින් අත්පත්කර ගන්නා කංසා කඩිනමින් ආයුර්වේද ඖෂධ සංස්ථාවට ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද නියමිත බව සේනාරත්න මහතා කියා සිටියා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න