Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පුද්ගලයින් 4 කට වැඩ වරදියි

|Fri, 14 September 2018|Security| Page Views :

ජංගම දුරකතන හරහා මුදල් හුවමාරු කිරිමේ ක්‍රමය මඟින් ඇඹිලිපිටිය නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයින් සිව් දෙනෙකු හෙරොයින් ග්‍රෑම් 125ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ග්‍රෑම් 75ක් රැගෙන මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි තවත් සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 20ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

23 හැවිරිදි සැකකාර කාන්තාවක් ද හෙරොයින් ග්‍රෑම් 20ක් සමඟ අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලිසිය සඳහන් කළේය.

හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 350ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී 26 හැවිරිදි තවත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරුවන් වටරැක, පනාමුර, රත්නපුර, ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (14) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ අතර ඉංගිරිය, නම්බපාන ප්‍රදේශයේදී හෙරොයින් පැකට් 21ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර ප්‍රශ්න කිරිම්වලදී හෙරොයින් පැකට් තුනක් සමඟ ඇයගේ පුත්‍රයාද අත්අඩංගුවට ගෙන තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න