Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය කඩිනමින්

|Fri, 14 September 2018|Security| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සහ දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්‍ෂයන්ගේ නායකයින් යථා තත්වය තේරුම්ගෙන කටයුතු කලේ නම්, උතුරු පළාත් සභාව තුල ව්‍යාකූලකාරී තත්වයක් ඇති නොවනු ඇත” යනුවෙන් උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් ප්‍රකාශ කර ඇත.

උතුරු පළාත් සභාවේ මෑත කාලයේදී, ඇතිවූ ව්‍යකූලකාරී තත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වු අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“පළාත් සභා අමාත්‍ය මණ්ඩලයේ ඇතිවූ ව්‍යාකූලකාරී තත්වය සම්බන්ධයෙන් විසඳුමක් ලබාගැනීම සඳහා මීටපෙර උත්සාහ කරමින් සිටියි. නමුත්, එය අසාර්ථක විය. 2018.09.11 වන දින පැවති උතුරු පළාත් සභා 131 වන සභාවාරයේදී යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත. විශේෂයෙන් ප්‍රධාන අමාත්‍යවරයාට සිය අමාත්‍ය මණ්ඩලය විසුරුවාහැර, නව ආමාත්‍ය මණ්ඩලයක් තෝරාපත් කිරීමට හැකිය. එසේ කළහොත්, කිසිඳු පුද්ගලයෙකුට ප්‍රයෝජනයක් නොමැත. පළාත් සභාව තුල දැනට ඇතිවී තිබෙන ව්‍යාකූලකාරී තත්වයට එය එක විසඳුමක් බව මා ප්‍රකාශ කරන්නෙමි. මාගේ මෙම උත්සාහයෙන් යම් අත්දැකීමක් මා ලබාගත්තෙමි.

නමුත්, පළමුවෙන්ම ගත් උත්සාහය අසාර්ථකවූ හේතුවෙන්, මීලඟ උත්සාහය මා අත් නොහරින්නෙමි. මෙවැනි පසුබිමකදි, අද ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ව සාකච්ඡා කිරීමට තීරණය කර ඇත. ප්‍රධාන අමාත්‍යවරයා සහ මා අතර මතභේදයක් තිබෙන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන පුද්ගලයෙකු වන්නේ මා පමණකි. නමුත්, පෞද්ගලිකව වශයෙන් ප්‍රධාන අමාත්‍යවරයා සහ මා අතර යහපත් මිත්‍රත්වයක් ඇත. ප්‍රධාන අමාත්‍යවරයාහට මා ගෞවර කරන්නෙමි.

නමුත්, අද උතුරු පළාත් සභාව තුල ඇතිවී තිබෙන ව්‍යාකූලකාරී ‍තත්වය හේතුවෙන්, දෙමළ ජනතාව පාලනය කිරීම සම්බන්ධයෙන් ඔහු හට කිසිඳු දැනුමක් නොමැත. තමන්ව තමන් විසින්ම පාලනය කිරීමේ බලය ඔහුට නොමැත. කාලයක් අපව අප විසින්ම පාලනය කිරීමට හැකිය යන්න අප අතර විශිෂ්ඨ පාලන ක්‍රමයක් තිබෙන බවට අප පෙන්වාදුන්නෙමු. ඒ සම්බන්ධයෙන් මා හටත් අත්දැකීමක් ඇත.

එවැනි අත්දැකිම් තිබෙන අප, කිසිවක් නොදන්නා පුද්ගලයින් ලෙස සිටීමට කැමැත්තක් දක්වන්නේ නොමැත. අමාත්‍යවරුන් අතර ඇතිවන ව්‍යාකූලකාරි තත්වය අද ආරම්භ වු ගැටළුවක් නොවන අතර ඒ කාල‍යේ සිටම පවතින දෙයකි. විශේෂයෙන්, උතුරු පළාතේ තිබෙන දිස්ත්‍රික් 05කට අමාත්‍යධූරය ඉල්ලුම් කළ අවස්ථාවේදීත්, මෙවැනි ව්‍යාකූලකාරී තත්වයන් ඇතිවිය. එයින් ඇතිවූ ප්‍රතිඵලය ලෙස මෙම ගැටළුව ඇත.

ඇත්ත වශයෙන්ම, දිස්ත්‍රික් 05කට අමාත්‍යවරු 05 දෙනෙකුව එදා තිබු තත්වයට අනුව, ප්‍රධාන අමාත්‍යවරයා සහ පක්‍ෂය විසින් ලබාදීමට නොහැකිය. එයට හේතුව, දිස්ත්‍රික් 05ක් වෙන්වී තිබීමයි. පක්‍ෂ 04 ක් ඇත. නමුත්, දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයේ සහ දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්‍ෂයන්ගේ නායකත්වයන් යථා තත්වය තේරුම්ගෙන කටයුතු කළා නම් අද මෙවැනි තත්වයක් උද්ගත නොවනු ඇත.

අද පක්‍ෂ නායකක්වය මැදිහත් වී මෙම ගැටළුවට විසඳුම් ලබාදී‍මේ කාලය පසුවී ඇත. තවද, ප්‍රධාන අමාත්‍යවරයාව ඇතැම් පාර්ශව විසින් සිය ලාභය ලබාගැනීම සඳහා ප්‍රයෝජනට ගෙන ඇත. ඇතැම් පිරිස් තමන්ගේ ලාභය සඳහා ඒකාබද්ධ වී ඇත. මෙය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ පුද්ගලයෙකු වන්නේ මා පමණි. එම හේතුවෙන්, අමාත්‍ය මණ්ඩලයේ ඇතිවී තිබෙන ගැටළුවට 2018.09.18 වන දිනට පෙර විසඳුම් ලබාදිය යුතුය. එයට හේතුව, අධිකරණයට අපහාස කිරීමේ නඩු 2018.09.18 වන දිනට පසු අධිකරණ නඩුවක් ලෙස පත්වනු ඇත. නමුත්, හිටපු විනිසුරුවරයෙකු වන ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් නැවත වරක් අධිකරණයට නොපැමිණීමට මා විසින් කළ හැකි සෑම උදව් උපකාරයක්ම කිරීමට සුදානමින් සිටින්නෙමි” යනුවෙන් උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න