Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යුද්ධයෙන් පසු ජනතාව‍ මේ වන තෙක් යථා තත්වයට පත්වී නෑ ?

|Fri, 14 September 2018|Security| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“යුද්ධයෙන් පසු ජනතාව මේ වන තෙක් යථා තත්වයට පත්වී නොමැත. එබැවින්, ජනතාව යථාතත්වයට පත්කිරීම සහ ජීවනෝපාය යනාදි කරුණුවලට නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන අමාත්‍යංශය විසින් අවධානය යොමුකල යුතුය” යනුවෙන් උතුරු පළාත් සභාවේ මන්ත්‍රිවරයෙකු වන වයි.තවනාදන් නැවත පදිංචි කිරිම් පුනරුත්තාපන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත.

කිළිනොච්චි ප්‍රදේශයේදී ගිනි නි‍වීමේ සේවාවක් ආරම්භ කිරීමේ වැඩසටහනකට සහභාගිවී වයි.තවනාදන් මේ බව ප්‍රකාශ කර ඇත.

“ජනතාවගේ ජීවනෝපාය පිළිබඳව ප්‍රකාශ කිරීමට හැකි අන්දමින් කිසිඳු වෙනසක් සිදුවූයේ නැත. ජනතාව තවමත් අවතැන්වී ජීවත්වීමේ තත්වයක් ඇත. එබැවින්, මෙවැනි තත්වයකදී ජනතාව මුදාගැනීමේ අරමුණින් පුනරුත්ථාපන අමාත්‍යංශය විසින් ව්‍යාපෘති සැළසුම් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වනු ඇත. සම්පූර්ණයෙන්ම එක් ප්‍රජාවක් වෙනස් කිරීමේ සැළසුම් නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන අමාත්‍යංශය විසින් අනාගතයේදී සකස්කර, එය ක්‍රියාත්මක කල යුතුය. මේ වනතෙක් නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කල ව්‍යාපෘතියට ස්තූතිය පුදකරන්නෙමු” යනුවෙන් වයි.තවනාදන් ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න