Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තලවාකැලේ උද්‍ඝෝෂණයකට දෙමළ ජාතික සන්ධානය සහයෝගය

|Fri, 14 September 2018|Security| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“වතු කම්කරුවන්ගේ සාධාරණ වැටුප් වැඩි කරගැනීමේ අරමුණින් සමාගම්වලට බලපෑම් කිරීම සඳහා 2018.10.23 වන දින තලවකැලේ ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට දෙමළ ජාතික සන්ධානය සහයෝගය ලබාදීමට නියමිතව ඇති බවත්, මීටපෙර මෙන්ම කම්කරුවන්ව ප්‍රතික්ෂේප නොකර, ඔවුන්ගේ ජිවනෝපාය තත්වය නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමට සහ ගෞරවයෙන් ජීවත්වීම සඳහා ඔවුන්ගේ වැටුප් වැඩිකළ යුතුය” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.

සංවර්ධනය පමණක් නොව, වතුකරයේ ජනතාවට දේශපාලන වශයෙන් අයිතිය ලබාදිය යුතුය. මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ස්ථිරව සිටියි. 2016 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ අත්සන් කළ ඒකාබද්ධ ගිවිසුම 2018 ඔක්තෝම්බර් මාසයෙන් අවසන් වනු ඇත. එය සංශෝධනය කිරීම සඳහා වන සාකච්ඡාව පළමු වටයේදීම අඩාල වී ඇත. මෙවැනි පසුබිමකදී, වතු කම්කරුවන්ට සාධාරණ වැටුප් වැඩිකිරීම සඳහා සමාගම්වලට බලපෑම් එල්ල කරන අන්දමින් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ හවුල්කරුවන් වන ජාතික කම්කරු සංගමයේ මැදිහත්වීමෙන් මෙම උද්‍ඝෝෂණය සංවිධානය කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න