Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වෙරළ තීරයේ පසු විපරම් අරබයි !

|Mon, 17 September 2018|Security| Page Views : 74

අලුත් පුවත්
පාන් බනිස් මිල යලිත් ඉහල දැමේ
බස් ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය අද
බිස්කට්වලටත් මත්ද්‍රව්‍ය එක් කරලා දැයි සැකයක්
මෝටර් රථයක් සීඝ්‍රගාමී දුම්රියේ ගැටෙයි
අත්බෝම්බ හතරක් එක්ක පුද්ගලයින් අත්අඩංගුවට
වාහන ගමනා ගමනය යථා තත්ත්වයට
පුත්තලමේ නියඟයෙන් 62000කට පීඩා
 
මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණය වෙත ඉන්ධන ගෙන යන නලයෙන් කාන්දු වූ තෙල් ඉවත් කිරිමෙන් පසු දික්ඕවිට සහ උස්වැටකෙයියාව දක්වා වූ වෙරළ තීරයේ පසු විපරම් කටයුතු ආරම්භ කර ඇති බව ශ්‍රි ලංකා නාවික හමුදාව පවසයි.

ඒ අනුව මේ සඳහා කුඩා කණ්ඩායම් 03ක් යොදවා ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

පසුගිය 09 වන සෙනසුරාදා මුතුරාජවෙල ගබඩා සංකීර්ණයට ඉන්ධන ගෙන යන නලයක කාන්දුවක් සිදු වූ අතර වහා ක්‍රියාත්මක වූ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිළධාරින් අදාල කාන්දුව නතර කිරිමට පියවර ගත්තේය.

කෙසේවෙතත් නලයෙන් කාන්දු වු ඉන්ධන මුහුදට එක් වී තිබූ අතර ඒවා දික්ඕවිට සිට උස්වැටකෙයියාව දක්වා වූ වෙරළ තීරයේ විසිරි තිබූ අතර අදාල තෙල් තට්ටුව ඉවත් කිරිමේ කටයුතු නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය විසින් සිදු කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න