Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නීති විරෝධීව ශ්‍රී ලංකාවට පැමිණී කාන්තාවක් අත් අඩංගුවට!

|Fri, 28 September 2018|Security| Page Views : 13

අලුත් පුවත්
කුරුණෑගලට බලපෑ තද සුළඟකින් නිවාස 25කට හානි
ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත් සිසුවාට ඇප
අදත් තද වැසි !
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ සම්මන්ත්‍රණයක්
බස්රථවල ආසන වෙන් කරන අලුත් ක්‍රමයක්
එක්සත් ජාතීන් ලංකාව සමඟ තවත් ගිවිසුමකට
බිරියගෙන් කොසු පහර කෑ දොස්තරට අනියම් බිරියො 5ක් දරුවෝ 13 ක්
කොළඹ කුණු පුත්තලමට
 
මුහුදු මාර්ගයෙන් නීති විරෝධිව ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කළ සරණාගත දෙමළ කාන්තාවක් තමිල්නාඩුවේ රාමේෂ්වරන් වෙරළ තීරයේදී 2018. 09.27 වන දින අළුයම අත් අඩංගුවට ගෙන ඇත.

තමිල්නාඩුවේ රේගු නිලධාරීන් විසින් මෙම කාන්තාව අත් අඩංගුවට ගෙන ඇත. තිරුච්චි ප්‍රදේශයේ පිහිටි සරණාගත කඳවුරේ ජීවත්ව සිටි කාන්තාවක් මේ ආකාරයෙන් අත් අඩංගුවට ගෙන ඇත.

එම කාන්තාව අදාළ සරණාගත කඳවුරෙන් පැනගොස්, තැරැව්කරුවෙකුගේ සහ‍යෝගය ඇතුව 2018.09.27 වන දින අළුයම බෝට්ටුවක් මගින් ශ්‍රී ලංකාවට පැමිණිමේ අරමුණින් රාමේෂ්වරන් වෙරළ තීරයට පැමිණ ඇත.

ඒ සම්බන්ධයෙන් රේගු නිලධාරීන්ට තොරතුරු ලබාදීමෙන් අනතුරුව, ඔවුන් විසින් අදාළ කාන්තාව අත් අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට ගත් කාන්තාව තංගච්චිමඩම් ප්‍රදේශයේ රේගු නිලධාරීන් විසින් රඳවා තබාගෙන ප්‍රශ්ණ කරන බවට රමේෂ්වරන් රේගු කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න