Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්ධන මිළ අද රෑ සිට අඩු වෙයිද?

|Wed, 10 October 2018|Security| Page Views :

ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත‍්‍රියේ සිට නැවත සංශෝධනය කිරීමට නියමිතයි. මෑතකදී හඳුන්වා දුන් ඉන්ධන මිල සූත‍්‍රයට අනුව මෙම සංශෝධනය සිදු කෙරෙනු ඇති.

එහිදී ඉන්ධන මිල වැඩිවේද නැතහොත් අඩුවේදැයි මාධ්‍යවේදීන් ඊයේ මුදල් අමාත්‍ය මංගල සමරවීරගෙන් විමසා සිටියා. අමාත්‍යවරයා පැවසුවේ පවතින තත්වයන් ඉන්ධන මිල සූත‍්‍රයට ගළපා අදාළ නිලධාරීන් විසින් නව මිල ගණන් ප‍්‍රකාශයට පත් කරන තෙක් ඒ පිළිබඳ කිසිවක් කිව නොහැකි බවයි.

ලෝක වෙළඳපොලේ මිල සහ විනිමය අනුපාතය වැනි කරුණු මේ සඳහා සලකා බැලෙනවා. මෙම මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල අවසන් වරට සංශෝධනය කෙරුණේ ඉකුත් මස 10 වනදායි. පෙට‍්‍රල් සහ ඞීසල් යන ඉන්ධන වර්ග දෙකේම මිල එහිදී වැඩි කෙරුණා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න