Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කුලී ත‍්‍රීරෝද රථ ගාස්තු ඉහළ දමන්න සාකච්ඡා

|Thu, 11 October 2018|Security| Page Views : 8

අලුත් පුවත්
IOC ඉන්ධන වැඩි කළ මිල මෙන්න
බාලි සහ පැපුවා නිව්ගිනීයාවට ප්‍රභල භූකම්පන දෙකක්
වනවාසල හදිසි ගින්නක්
අද සිට වැසි අඩුවන ලකුණු
අදත් ඒකාබද්ධයේ විශේෂ සාකච්ඡාවක්
රොනී ලිච්ගේ අවසන් කටයුතු අද
සිවිල් සාමාජිකයින්ගේ නම් අද පාර්ලිමේන්තුවට
සිවිල් සාමාජිකයින්ගේ නම් අද පාර්ලිමේන්තුවට
 
ඉන්ධන මිල තීරණය කිරීම සඳහා ක‍්‍රියාත්මක කරන මිල සූත‍්‍රයට අනුව මෙවර ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 11කින් වැඩි කළ යුතුව තිබූ බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ.

පෙට‍්‍රල් හා සුපර් ඞීසල් මිල ගණන් ඊයේ (10) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩි වුවද ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට ඇති විය හැකි බලපෑම සලකා ඔටෝ ඞීසල් මිල ගණන් ඉහළ නොදැමීමට රජය කටයුතු කළා.

මේ අතර ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට සිදු කෙරුණු ඉන්ධන මිල සංශෝධනයට අනුව බස් ගාස්තුවල වෙනසක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවයි පෞද්ගලික බස් සංගම් පවසන්නේ.

කෙසේවෙතත් පෙට‍්‍රල් මිල යළි ඉහළයාම හේතුවෙන් කුළී ත‍්‍රීරෝද රථ ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් පවතින බව සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුදිල් ජයරුක් මේ බව පෙන්වා දෙනවා. ඒ සම්බන්ධයෙන් අද (11) දිනයේ සිය සංගම් සාකච්ඡා කරන බවද සඳහන් කළා.

ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිදු කෙරුණු ඉන්ධන මිල සංශෝධනය අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 6 කින් ඉහළ දැමුණා. නව මිල සංශෝධනය අනුව රුපියල් 149ක් ලෙස පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 155 දක්වා ඉහළ යනු ඇති.

රුපියල් 161 ක් ලෙස පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 8 කින්. ඒ අනුව ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 169 ක් දක්වා ඉහළ යනු ඇති.

සුපර් ඞීසල් ලීටරයක මිල ඉහළ දැමුණේ රුපියල් 8 කින්. ඒ අනුව දැනට රුපියල් 133 ක් ලෙස පවතින සුපර් ඞීසල් ලීටරයක නව මිල රුපියල් 141 ක් දක්වා ඉහළ යනු ඇති.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න