Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දඹුල්ලේදී ක්‍රිකට් ලෝලීන් අත්අඩංගුවට පත්වෙද්දී පොලිසිය සමඟ ඇතිවූ උණුසුම් තත්වය..!

|Thu, 11 October 2018|Miscellaneous| Page Views :

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ (10) දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් පිරිසක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.ක්‍රීඩාංගණය තුළ බීමතින් අශෝබන ලෙස හැසිරුණු තරුණයන් 5 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

වැසි තත්ත්වය නිසා තරගය නැවැත්වීමෙන් පසු ඇතැම් පිරිස් ක්‍රීඩාංගණය ඇතුළත තැනින් තැන මත්පැන් පානය කරමින් අශෝභන ලෙස හැසිරුණු ආකාරය දැක්වෙන වීඩියෝ කිහිපයක්ද සමාජ ජාලා හරහා හුවමාරු වන අතර පොලිසිය පවසන්නේ එහිදී නොසන්සුන්කාරීව හැසිරුණු තරුණයින් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

අත් අඩංගුවට ගැනීමේදී එක් තරුණයෙකුගේ ඇඳුමක් පොලිසිය විසින් ලබා ගත් බව පවසමින් තරුණයෙකු පොලිසියට චෝදනාවක්ද එල්ල කල අතර එම අවස්ථාවේදී නොසන්සුන්කාරී තත්වයක්ද ඇතිව තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් අද දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න