Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අගවිනිසුරුවරයා විශ්‍රාම යයි

|Friday, 12th October 2018 |Miscellaneous| Page Views :

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද(12) විශ්‍රාම ගැනීමට නියමිතව ඇති අතර මෙරට 45 වන අගවිනිසුරුවරයා ලෙස ප්‍රියසාද් ඩෙප් මහතා ධූරයට පත් වූයේ පසුගිය වසරේ මාර්තු මස 02 වන දිනයි.

ප්‍රියසාද් ඩෙප් මහතා අධිකරණ සේවය තුළ වසර හතලියකට වැඩි කාලයක් සේවයේ යෙදී තිබේ.

1978 වසරේ රජයේ අධිනීතිඥයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට එක්ව ඇති අගවිනිසුරුවරයා 1989 වසරේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නතතුරට පත්ව තිබේ.

පසුව 1996 වසරේ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් පදවියට පත් ප්‍රියසාද් ඩෙප් මහතා 2007 වසරේ රජයේ සොලිසිටර් ජනරාල් ධුරයට උසස්විමක් ලබා ඇති බව සඳහන්ය.

ඔහු 2011 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට පත් වුණි.

මේ අතර අද නව අගවිනිසුරුවරයා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න